Colombo Today Local News

කොවිඩ් සිරුරු උපද්‍රවකාරී අපද්‍රව්‍යයක් බැවින් පරිසර ආරක්ෂණ නීති අනුගමනය කරන්න. නැත්නම් නීතිමය පියවර ගන්නවා.

කොවිඩ් සිරුරු උපද්‍රවකාරී අපද්‍රව්‍යයක් බැවින් පරිසර ආරක්ෂණ නීති අනුගමනය කරන ලෙසත් නොඑසේනම් ඊට එරෙහිව තම සංවිධානය නීතිමය පියවර ගන්නා බවත් පවසමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් මධ්‍යම පරිසර අධිකාරියට ලිපියක් යවමින් සඳහන් කර සිටිනවා.

අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇති කරුණු…

කොවිඩ් 19 අසාදිතව මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු භුමිදානය කිරීම සම්බන්ධයෙන් මාර්ග උපදේශයන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් එළිදක්වා ඇත. ඒ සම්බන්ධයෙන් වන ගැසට් පත්‍රයක් ද නිකුත් කොට ඇත. එකී මාර්ග උපදේශයන් සකස්කර ඇත්තේ සෞඛ්‍ය කරුණු මත පමණක් වන අතර එම මාර්ග උපදේශයන් සදහා පාරිසරික කරුණු සළකා බලා නැත.

උපද්‍රවකාරී අපද්‍රව්‍ය බැහැර කිරීම සදහා වන බාසල් සම්මුතියට ශ්‍රී ලංකාව 1992 /08/28 දින අත්සන් තබා ඇති අතර එකී ගිවිසුමට අදාල නීති රීති 1980 අංක 47 දරණ පරිසර පනතට ඇතුලත් කර ඇත. කොවිඩ් 19 අසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු උපද්‍රවකාරී අපද්‍රව්‍යයක් වන බැවින් එම අපද්‍රව්‍ය බැහැර කිරීම සදහා වන පරිසර ආරක්ෂණ නීති අනුගමනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මැදිහත්වන ලෙස අප සංවිධානය ඔබගෙන් ඉල්ලා සිටින අතර එසේ කිරීමට ඔබ අපොහොසත් වුවහොත් ඔබට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මෙයින් දැනුම් දෙමු.

විශේෂයෙන්ම කොවිඩ් 19 අසාදිතව මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු භුමිදානය කරන ස්ථානය සම්බන්ධයෙන් පාරිසරික සක්‍යතා වාර්තාවක් ලබා ගැනීමේ අවශ්‍යතාවයද මෙම අවස්ථාවේ අවධාරණය කරමු. ඒ සදහා වන 2008/02/01 දින නිකුත් කරන ලද අංක 1534/18 දරණ අතිවිශේෂ ගැසට්පත්‍රය කෙරෙහිද ඔබගේ අවධානය යොමු කරමු.

Related posts

TNA මන්ත්‍රී ප්‍රභාකරන්ගේ ගෙදර කේක් කපා උපන් දිනය සමරයි !

colombotoday

තිස්ස අත්තනායක අලුත් පිම්මකට සැරසෙයි !

colombotoday

බණ්ඩාරගම අටළුගම මුස්ලිම් ජනතාවා PCR මග හැරීම දැඩි අර්බුදයක්.

colombotoday

රවි කරුණානායකට කැබිනට් අමාත්‍ය ධුරයක් නොදී සිටීමට හේතුවක් නෑ – නීතිපති දෙපාර්තමේන්තුව දන්වයි

colombotoday

ඥාණසාර හිමි සංහිදියා ඇමති හමුවෙයි.. යහපාලන සංහිදියාවේ තරම මූණටම දෙසයි (Live Video)

colombotoday

අලි ඝාතකයින්ට මනුෂ්‍ය ඝාතන දඬුවමක් දෙන්න

Admin