Colombo Today Local News

ජයග්‍රහණයට වෙට්ටු දැමූ බවට සජිත් පිළෙන් රනිල්ට චෝදනා !

ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙල අඩපණ කළ බවට එල්ල වන චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අද(22) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති අපේක්ෂකයා වශයෙන් යෝජනා කරනු ලැබුවේ ද තමා බව පැවසු හිටපු අගමැතිවරයා, ඒ අනුව අනෙක් පක්ෂවල කැමැත්ත මත ජනාධිපතිවරණයට ගිය බවත්
මෙම යාන්ත්‍රණය හා සිරිකොත එම වැඩකටයුතු කළ බවට තමාට සහතික විය හැකි බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා මෙම මැතිවරණය අඩපණ කළා යැයි පැවසෙන චෝදනා තමාගෙන් හෝ තමා විසින් නිර්මාණය කරන ලද යාන්ත්‍රණය තුළින් සිදු නොවුවක් බවද සඳහන් කළේය.

Related posts

“අපේ දේශපාලන සතුරන් අද එක කදවුරකට ඇවිත්.. අපට වටකරගෙන ගහනවා” නිශාන්ත වර්ණසිංහ

colombotoday

හිටපු ජනපති මෛත්‍රී කැබිනට් මණ්ඩලයෙන් හැලේ

colombotoday

“මේ අවසන් අවස්ථාවයි, නිවැරදි පුද්ගලයා පත් නොකළොත් ජාතියත්, ආගමත් ඉවරයි“ – අස්ගිරි නාහිමි

colombotoday

කොළඹ ස්ථිර මාර්ග බාධක ඉවත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

ඊයේ එජාපයට පැන්න වසන්ත අද තවත් පිම්මක් පනී…

colombotoday

ඉන්දියාවෙන් තවත් ණය සහනාධාරයක්. නෞකාව අද දිවයිනට

colombotoday