Colombo Today Local News

විහිළු කතා නවතා දකුණේ උණ රෝගයට විසදුමක් දෙන්නැයි සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලයි

රූපවාහිනියේ විහිළු කතා කීම නවතා දකුණු පළාතේ පැතිර යන උණ රෝගය පාලනය කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සැකසීමට සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම මැදිහත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ මහතා අද (70) පැවසීය.

මෙම උණ රෝගය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් දකුණු පළාතේ සාමාන්‍ය ජනජීවිය සම්පූර්ණයෙන්ම අවුල්වනු ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

මේ වනවිට දකුණේ උණ රෝගයක් පැතිර යනවා. ඒ හේතුවෙන් දකුනේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් වෙලා. දෙමාපියන්,දරුවන්,වෛද්‍යවරුන්,හෙදියන් ඇතුලූ සියල්ලන්ගේම ජීවිත අවදානමකට ලක්වෙලා. එහෙත් මෙම වසංගත තත්ත්වය පාලනය කරන්න සෞඛ්‍ය අමාත්‍යංශය මේ වනතුරුත් කිසිම පියවරක් අරගෙන නැහැ.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (7) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Related posts

ලංගමෙන් කෝටි 29 ක් ගසා කාලා!

colombotoday

අද වාර්තා වූ කොරෝනා රෝගියා ඉන්දුනීසියාවේ ගොස් පැමිණි බේරුවල පුද්ගලයකුගේ බිරිඳක්.

colombotoday

නීතිපති නිර්දේශ තාම නෑ.. බුද්ධාගමට අපහාස කළ ‘තව්හිද් ජමාත්‘ නඩුවෙන් ෂේප් වෙන්න ඉල්ලයි !

colombotoday

රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචාරණ සීමා ඉවතට

colombotoday

කැන්ටිමේ දී කංසා හොඳයි සභාවෙදි නරකයි – විපක්ෂයේ දෙබිඩි පිළිවෙත් ගැන අජිත් රාජපක්ෂ කියයි

Admin

වද සැත්කම් චූදිත දොස්තර : ඉක්මනින් නිදහස් කරන්නැයි ඇමති හලීම් ජනපතිගෙන් ඉල්ලයි…

colombotoday