Colombo Today Local News

“සිංහල නායකයන්ට ධෛර්යය නෑ” – සම්බන්ධන් ඇමරිකාවට කියයි

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ පොරොන්දුව ඉටු කිරීමට ධෛර්යයක් නැති බවට විපක්ෂ නායක ආර් සම්බන්ධන් ඉහල පෙලේ එක්සත් ජනපද ආරක්ෂක දූත මණ්ඩලයක් හමුවේ ජනපති, අගමැති ප්‍රමුඛ සිංහල දේශපාලන නායකත්වයට දොස් පවරා තිබේ.

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තු සහ සන්නද්ධ සේනා වියදම් සම්බන්ධයෙන් වගකියන සර්ව පාක්ෂික නියෝජිත පිරිසක් හමුවේ විපක්ෂ නායකයා පවසා ඇත්තේ අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාව ජනාධිපති සහ අගමැති දෙදෙනා එක්ව සිංහල ජනතාව හමුවේ “අවංකව පැහැදිළි කළ යුතු” බවයි.

“මේ රට යන අත ගැන අපි ඉන්නේ අසන්තෝෂයෙන්,” යයි දෙමළ ජාතික සන්ධානයේ නායකයාද වන ආර් සම්බන්ධන් දිවයිනේ නිල සංචාරයක් සඳහා පැමිණ සිටින එක්සත් ජනපද සන්නද්ධ සේවා කමිටුවේ දූත මණ්ඩලයට කොළඹදී පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්ථිරසාර විසඳුමක් ලබා දීමට එකඟ බව අවධාරණය කර තිබෙන ඔහු, අලුත් ව්‍යවස්ථාවට විරුද්ධ විපක්ෂයද හෙලා දැක තිබේ.
“අඩුවකට ඇත්තේ සිංහල නායකයන් අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාව සහ එයින් ලැබෙන පලප්‍රයෝජන ජනතාව ඉදිරියට ගොස් සවිස්තරව පැහැදිලි කර නොදීමයි. ඇතැම් සිංහල නායකයන් උත්සාහ කරන්නේ රටේ සියලු ජනතාවට සමාන ලෙස නොසලකා අන්තවාදීන් සැනසීමටයි.”

සිංහල දේශපාලන නායකයන් දිගටම මේ මාර්ගයේ ගියහොත් ඉතිහාසය පුනරුච්චාරණය වීම නොවැලක්විය හැකි බවට විපක්ෂ නායක ආර් සම්බන්ධන් එක්සත් ජනපද දූත මණ්ඩලය හමුවේ අනතුරු අඟවා තිබේ.

Related posts

ඉන්ධන නැතිව පිරවුම්හල් වහලා බලශක්ති ඇමති තෙල් තියනවලු

colombotoday

විද්‍යා ඝාතන නඩුවේ තීන්දුව අද.. අධිකරණය අවට ආරක්ෂාව දැඩි කරයි !

colombotoday

රටේ අභිවෘද්ධියට සහ අනාගතයට ගැළපෙන ආකාරයට 13 වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි – ජනපති

Admin

උතුරේ පැරණි ගොඩනැගිලි හා කෝවිල් සංරක්ෂණයට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක් !!

colombotoday

බදූර්දීන්ට එරෙහිව රතන හිමි ගේන විශ්වාසභංගයට අපේ සහය නෑ – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

මැතිවරණයක් පැවැත්වීම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශිෂ්ට ක්‍රියාවක් – ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි

colombotoday