Colombo Today Local Newsextremism & terrorism activities

“එක රටක් එක නීතියක්” පොරොන්දුව පුස්සක් වෙයි. | කාති උසාවි නවත්තන්න ආ ආණ්ඩුව කාතිවරු බඳවා ගැනීමට යයි.

“එක රටක් එක නීතියක්” ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ පොරොන්දුව පුස්සක් කරමින් කාති උසාවි සඳහා කාතිවරු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කාති තනතුරු සඳහා බඳවා ගැනීම පිණිස මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (115 පරිච්ඡේදය) යටතේ අයදුම්පත් කැඳවා තිබෙනවා. පසුගිය 2021 ජනවාරි මස 01 වැනි සිකුරාදා දින අංක 2,209 දරන ගැසට් පත්‍රයේ මෙම බඳවා ගැනීම් පිලිබඳ නිවේදන පළකර ඇත.

අයදුම්කරු මුස්ලිම් පුරුෂයෙකු විය යුතු අතර, පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධිධාරියෙකු හෝ ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් පිළිගත් ආයතනයක් විසින් ප්‍රදානය කරන ලද සහතිකයක් දරන මෞලවි කෙනෙකු හෝ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන අල් – ආලිම් සහතිකයක් දරන්නෙකු හෝ නීතිඥයෙකු හෝ ඊට සමාන වෘත්තීමය සුදුසුකම් දරන්නෙකු හෝ විශ්‍රාමික රජයේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියෙකු විය යුතුයැයි සුදුසුකම් ලෙස දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ අධිකරණ ඇමති ලෙස ක්‍රියා කරනු ලබන්නේ මොහොමඩ් අලි සබ්‍රි මහතායි.

Related posts

කොවිඩ් රෝග ලක්‍ෂණ පෙන්වන දරුවන් පාසල් යවන්න එපා

colombotoday

2024 පළමු පාසල් වාරයේ ආරම්භය අද

Admin

සේරුවිල අත්පත්කරගැනීමට කුමන්ත්‍රණය කිරීම : මහමෙවුනාවේ අලුදෙණියේ සුබෝධි හිමි කල්‍යාණිවංශ නිකායෙන් නෙරපයි.

colombotoday

සමාජ මාධ්‍යට වෙන්න යන දේ…

colombotoday

පොලීසිය ඩයගම ප්‍රදේශයේ රැසකගෙන් ප්‍රකාශ ලබාගනි. – ඉෂාලිනිගේ සිරුර ගොඩ ගැනිමට දින කිහිපයක් ගතවෙන ලකුණු

colombotoday

වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ජනපතිගේ අනුමැතිය

colombotoday