BusinessColombo Today Local News

ආන්දෝලනාත්මක බදු සහන ගත් PYRAMID WILMAR සඟවා තැබූ සීනි ටොන් 6100ක් රාජසන්තකයි. – ජනපති පත්කළ මේජර් ජෙනරාල් වැඩට බසියි.

පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩු දුන් රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදු වූ බව කියන සීනි බදු වංචාවට සම්බන්ද බවට චෝදනා එල්ලවූ PYRAMID WILMAR සමාගම මෙරටට ආනයනය කර සඟවා තැබූ සීනි තොගයක් අද (1) රාජසන්තක කර ඇත.

PYRAMID WILMAR සමාගම විසින් නීති විරෝධීව ගබඩා කර තිබූ සීනි මෙට්‍රික් ටොන් 6100ක තොගයක් මුද්‍රා තැබීමට පාරිභෝගික සේවා අධිකාරිය විසින් පසුගිය දා පියවර ගන්නා ලදී. සීනි මෙට්‍රික් ටොන් 4000ක් පවතින බව පවසමින් මෙම සීනි තොගය සම්බන්ධ වැරදි තොරතුරු ලබා දී ඇති බව අනාවරණය වීමත් සමඟ, මුතුරාජවෙල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ මෙම සීනි තොග ගබඩාවේ පැවති සීනි තොගය මුද්‍රා තැබීමට පාරිභෝගික සේවා අධිකාරිය විසින් කටයුතු කරන ලදි.

පාරිභෝගික සේවා අධිකාරිය නොමඟ යවමින් මේ ආකාරයට නීති විරෝධී ලෙස සීනි තොග ගබඩා පවත්වාගෙන යාමට මෙම සමාගම විසින් කටයුතු කර තිබේ.

අද(1) පෙරවරුවේ සිදු කරන ලද මෙම වැටලීම් හා මුද්‍රා තැබීමේ කටයුතු වලින් අනතුරුව අද සවස සමස්ත සීනි තොගයම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් භාරයට ගත් අතර, එම සීනි තොගය රජයේ සහතික මිළගණන් යටතේ සතොස, සමූපකාර,Q-Shop හා අනෙකුත් අළෙවිසැල් හරහා කඩිනමින් පාරිභෝගිකයා වෙත නිකුත් කිරීමට නියමිත බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

Related posts

පෞද්ගලික දේවල් අදාල නෑ.. ජනපතිගේ සමනල් ප්‍රකාශයට හිටපු අගමැතිගෙන් පිළිතුරු

colombotoday

රුසියානු විරෝධී චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ

Admin

ආසියාවේ ලොකුම මූල්‍ය වංචාව හෙළිවී තිබියදීත් ‘විගණන පනත‘ සම්මත කරගැනීම අගමැති කරඅරී !

colombotoday

‘හිටපු කොටි ක්‍රියාකාරීන් සියල්ල අපේ පක්ෂයට බඳවාගන්නවා‘ – සුමන්තිරන්

colombotoday

සුදු වෑන් කතාව: සීඅයිඞීයෙන් පරීක්‍ෂණයක් – රාජිතගේ මාධ්‍ය හමුවේ වීඩියෝ පට උසාවියෙන් ඉල්ලයි

colombotoday

අවසර නොමැතිව ජනපති රුව භාවිතය තහනම්

Admin