Colombo Today Local News

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වහාම මෙරටට කැදවයි.. අද යළි දිවයිනට !

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මෙරටින් කරන ලද කැඳවීමකට අනුව අද (21 වැනිදා) යළි ශ්‍රී ලංකාවට පැමිණෙයි.

නිදහස්‌ දිනය යෙදුණු ඉකුත් පෙබරවාරි හතර වැනිදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරිපිටදී කොටි හිතවාදීන් පිරිසක් විසින් “අපේ රට ඊළම, අපේ නායකයා ප්‍රභාකරන්“ යැයි කියමින් විරෝධතාවයේ යෙදත්දී ඔවුන්ට සිය නිළ ඇදුමේ වූ සිංහ ධජය පෙන්වමින් සිදුකළ ‘ඉගි‘ කිරීමක් හේතුවෙන් වහාම ඔහුගේ සේවය අවසන් කර යළි ශ්‍රී ලංකාවට කැඳවීමට විදේශ ඇමැතිවරයා කටයුතු කළද පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් බ්‍රිගේඩියර්වරයා යළි සේවයේ පිහිටුවීම ට කටයුතු කෙරිණි.

බ්‍රිගේඩියර්වරයා කොටි හිතවාදීන්ට මරණීය තර්ජන එල්ල කළ බව පවසමින් බ්‍රිතාන්‍යයේ ජෝන් රයන්, සිමෝන් මැක්‌ඩොනා සහ පෝල් ස්‌කලී යන එරට පාර්ලිමේන්තු මන්ත්‍රිවරියෝ දැඩි ලෙස චෝදනා එල්ල කිරීමත් සමග මෙම සිද්ධිය රාජ්‍යතන්ත්‍රීක අර්බුදයක් දක්වා උත්සන්න විය.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි මෙරටට කැඳවීමට හේතු වූයේ කුමක්‌ද යන්න මේ වන විට අභිරහසක්‌ බවට පත්ව ඇත.

Related posts

රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්, පුවක්. දුම්කොල තහනම්… සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්…

colombotoday

තරග විභාගයක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Admin

මහජන සෞඛ්‍ය පරීක්ෂකයකු ලෙස පෙනී සිට නිරෝධායන නිවෙස්වලට ගිය අයෙක් අත්අඩංගුවට

colombotoday

ඥාණසාර හිමි හෝමාගම දී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක හඩ පටයක් ලීක් වෙයි

colombotoday

තවත් කඳුකර කොටියෙක් මද්දකට බිලිවෙයි

colombotoday

සතොසේ සුදුළූණු බහාලුම් 02ක් හොර පාරෙන් විකිණූ නිලධාරීන්ගේ වැඩතහනම්

colombotoday