Colombo Today Local News

රන්ජන්ගේ ප්‍රජා අයි­තිය වසර 11කට අහි­මියි | මහා­චාර්ය නීතිඥ ප්‍රතිභා මහා­නා­ම­හේවා

රන්ජන් රාම­නා­ය­කට වසර එකො­ළ­හක් යන තුරු ප්‍රජා අයි­තිය අහිමි වන බැවින් එම කාලය තුළ ඔහුට කිසිදු මැති­ව­ර­ණ­ය­කට ඉදි­රි­පත් විය නොහැකි බව මහා­චාර්ය නීතිඥ ප්‍රතිභා මහා­නා­ම­හේවා පැව­සීය.

මේ සම්බ­න්ධ­යෙන් දින­මිණ කළ විම­සී­ම­කදී ඒ මහතා කියා සිටියේ ඔහුගේ ප්‍රජා අයි­තිය අහෝසි වන්නේ සිර දඬු­වම් දී ඇති වසර හත­රද ඇතු­ළුව ඉදිරි වසර හතක්ද සම­ඟය.

රන්ජන් රාම­නා­ය­කගේ පාර්ලි­මේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන්නේ ඔහුට දඬු­වම් නියම වූ දිනයේ සිට මාස හය­කට පසු වන අතර ඔහුට පාර්ලි­මේන්තු රැස්වී­ම්ව­ලට සහ­භා­ගි­වී­මට අයි­ති­යක් නොමැති බවත් හෙතෙම කීවේය. මෙය ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දු­වක් බැවින් ඔහුට අභි­යා­චනා කිරී­ම­ටද නොහැකි බවත් කීවේය.

Related posts

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු සංඛේත වැඩ වර්ජනයක

Admin

මාරක ළිඳේ පඩිපෙලකින් ඇද වැටී දරුවෙක් ජීවිතක්ෂයට

Admin

ශ්‍රී පාද වන්දනා නවත්තන්නැයි ඉල්ලීමක් !

colombotoday

පෙට්‍රල් දෙනවයි කියා රු.1,64,500ක් අරන් දෙදෙනෙක් මාරු වෙලා

colombotoday

කොරෝනා අස්සේ ජනතාවගේ සාක්කුවට විදින හොර පැණි සහ චූර්ණ නියාමනය කරන්නේ කවදාද?

colombotoday

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ මුවාවෙන් විපක්ෂ දේශපාලකයින් මර්දනය වහාම නවතන්න – සජබ යෙන් නිවේදනයක්

colombotoday