Colombo Today Local News

ප්‍රසන්න රණවීර සහ විමල් වීරවංස දෙදෙනාට පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කෙරේ

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ කිරිම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර සහ විමල් වීරවංස යන දෙදෙනාට පාර්ලිමේන්තුවට පැමිණීම සති හතරක සහ සති දෙකක වශයෙන් අත්හිටුවන ලදී.

ප්‍රසන්න රණවීර මහතාට සති හතරක් ද විමල් වීරවංස මහතාට සති දෙකක් ද වශයෙන් එම යෝජනාව සභා සම්මත කෙරිණි.

ප්‍රසන්න රණවීර මහතාගේ යෝජනාවට පක්ෂව ඡන්ද 41 විපක්ෂව ඡන්ද 21 ක් ද , විමල් වීරවංස මහතාගේ යෝජනාවට පක්ෂව ඡන්ද 29 ක් විපක්ෂව ඡන්ද 21 ක් ද ලැබිණි.

ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට අද (20) සිට පාර්ලිමේන්තුවේ කිසිදු කටයුත්තකට සහභාගී වීමට අවසර නොලැබේ.

ප්‍රසන්න රණවීර මහතා ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා වන අතර විමල් වීරවංස මහතා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරයි.

Related posts

විශ්‍රාම වැටුප් ලබා ගන්න යන අයට අවසර පත්‍ර අවශ්‍ය නෑ

colombotoday

රනිල්ගෙන් මෝදිට ලිපියක්

colombotoday

පක්ෂ නායකයින් ජනපතිගේ ආරාධනය ප්‍රතික්ෂේප කරයි…

colombotoday

අසාද් සාලිට, මුස්ලිම් කවුන්සිලයට බොදු බලෙන් අභියෝගයක් !

colombotoday

හෝමාගම පොලිස් නිලධාරීන් 41 දෙනෙකු ඇතුළු 73ක් නිරෝධායනයට

colombotoday

අස්වැසුම වැඩසටහන හරහා සමෘද්ධි ප්‍රතිලාභය අහිමිවූවන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකියි.

Admin