Colombo Today Local News

අර්ජුන ඇලෝසියස් හිස් අතින් හැරී යයි. බදු වංචා කරමින් අරක්කු මාෆියාව ජයටම.

ඊයේ උදෑසන 9.30ට පමණ කුප්‍රකට මහබැංකු සොරකමේ ප්‍රධාන චුදිතයෙකු වන අර්ජුන ඇලෝසියස් නොහොත් හිටපු මහබැංකු අධිපතිගේ බෑණනුවන් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තුමේන්තුව වෙත පැමිණෙන ලදි. මඩකලපුව පාසිකුඩා අරක්කු නිෂ්පාදනාගාරය හා මිගමුව පාරේ පිහිටි නිෂ්පාදනාගාරය පිළිබද ඇතිව ඇති බදු නොගෙවීමේ ගැටළු බලපත්‍ර සම්බන්ධ ගැටළු නිරාකරණය කර ගැනීම වෙනුවෙනි. ඉදිරිපත්කල යෝජනා සියල්ල ප්‍රතික්ෂේප වූ හෙයින් අවසානයේ රැගෙන පැමිණි file මිටියද රැගෙන හිස් අතින් නැවත ගමරට බලා යාමට ඔහුට සිදුවිය. පසුගිය කාලයේ මහ බැංකු අධිපති මාමාගේ බැදුම්කර සල්ලි වලින් පාසිකුඩා අරක්කු සමාගම පිළිබද තොරතුරු හොයන්න ගිය මාධ්‍යවේදී පී.සසිකරන් හා එන්.නිත්තියානන්ද යන මාධ්‍යවේදීන් දෙදෙනාගේ කන පැලූ අලෝසියස්ට එරෙහිව එරාවුර් පොලිසියේ විභාග නොකළ පැමිණිල්ලක්ද ඇත.

පසුගිය මාස කිහිපය පුරාවට රජයට සම්බන්ධ අමාත්‍යවරයකුට බදු පිට බදු අරක්කු සහන ලබා දෙමින් පොහොට්ටු රජයේ බදු තොටිල්ලේ නැළවුණු අරක්කු මුදලාලිගේ පාරේ යාමට ගොස් මංමුලා වූ අර්ජුනට අපි අපගේ සාතිශය සංවේගය පල කරන අතර මීලගට සිදුවීමට නියමිතව ඇත්තේ පවුලක දරුවන් වෙනුවෙන් අරක්කු නිපදවන අකාරය හා ලාභ ප්‍රතිශත ගණනය කිරීමේ අධ්‍යාපන සැසිය ඇරබීමේ අධ්‍යාපන සැසියයි. එම සැසිය බොහෝ වෙලාවට අරක්කු නිෂ්පාදනය පිළිබද ප්‍රාමාණික දැනුමක් ඇති ආණ්ඩුවේ කුරුණෑගල ඇමතිතුමා විසින් සිදු කරනු ඇත .එම අමාත්‍යවරයාටනම් මේ වන විටත් බදු ප්‍රශ්න හෝ බලපත්‍ර අලුත් කිරීමේ ප්‍රශ්න කිසිවක් අදාළ නොවන අතර බොහෝ වෙලාවට ඉදිරියේදී ඇලෝසියස්ට අහිමි ඇමතිට හිමි අරක්කු සහන සියල්ල සුරාබදු දෙපාර්තුමේන්තුව විසින් පිරි නමනු ඇත .

පහුගිය කාලය පුරා රටේ ප්‍රධාන අමාත්‍යවරයකු විසින් මිලට ගැනීමට සුදානමින් සිටි බවට තොරතුරු හුවමාරු වූ අතර ගනුදෙනුව කාලයේ වැලිතලාවට වැසීයාමට ඉඩහැර හොර රහසේම නැවතත් වේදිකා ගත කර ඇත. අර්ජුන අලෝසියස්ලා අර්ජුන මහේන්ද්‍රන්ලා මහා බැංකු බැදුම්කර වලින් හොරකම් කර ගොඩ නගපු අරක්කු අධිරාජ්‍යය මේ රටේ පවුල් ගහේ අනුභාවයෙන් කුරුණෑගල ඇමතිතුමා කීයකට විතර ලංසු තියයිද ?

ප්‍රදීප් සංජිව
ජාතික සංවිධායක
සිංහලේ සංවිධානය

Related posts

දෙස් විදෙස් කුමන්ත්‍රණ හමුවේ නව වසරේ ජාතික අභිලාෂය කෙසේ විය යුතුද? මැදගොඩ අභයතිස්ස හිමි

colombotoday

වයඹ පළාතටම ඇදිරි නීතිය…

colombotoday

මහවිරු සැමරුමට සැරසෙද්දී සිවාජිලිංගම්ට සර්පයෙක් දෂ්ට කරලා

colombotoday

ජනපතිවරණයේ වියදම රු කෝටි 450යි

colombotoday

විදේශ අමාත්‍යංශයේ අවසරය මත ඉන්දියාවේන් එන ගුවන්යානය

colombotoday

සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ වැඩසටහන් ඉවතට. | ගුවන් විදුලියේ මුස්ලිම් සේවය යලිත් අන්තවාදී ග්‍රහණයට.

colombotoday