Colombo Today Local Newsfeatured

එක්නැලිගොඩ නඩුවට සැකපිට තවත් රණශුර හමුදා බුද්ධි අංශ විරුවෙක් අත්අඩංගුවට

මාධ්‍යවේදියෙක් ලෙස හඳුන්වන, තවත් පිරිසක් කොටි ඔත්තුකරුවෙකු ලෙස සැලකෙන ප්‍රදීප් එක්නැලිගොඩ නැමැත්තා අතුරුදහන්කර මරාදැමීමේ චෝදනා මත රණශුර පදක්කමට හිමිකම් කියන යුධ හමුදා බුද්ධි බලකායේ සාජන් පෙරේරා නැමති නිලධාරියෙකු අද (2) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. එම නිලධාරියා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අද දහවල් වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුදානමින් සිටියේය.

මෙම නඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ නැගෙනහිර ප්‍රධානියා ලෙස කොටි ත්‍රස්තවාදීන් මෙරටින් අතුගා දැමීමට අති විශාල සේවයක් කල කර්නල් ශම්මි කරුණාරත්න මහතා ඇතුළු බුද්ධි බලකා රණවිරුවන් විශාල ප්‍රමාණයක් මීට ඉහතදී අත්අඩංගුවට පත් විය.

මෙලෙස බුද්ධි අංශ රණවිරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය කලින් හඳුනා ගැනීමට නොහැකි වූ බවට ද විවිධ පාර්ශව චෝදනා චෝදනා කර සිටියේය.

ප්‍රදීප් එක්නැලිගොඩ සිද්ධිය එක්සත් ජාතික පක්ෂය 2015 මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් ද විය.

කෙසේ වෙතත් මරණයට පත්විදැයි නොදන්නා පුද්ගලයෙකු මරණයට පත් කලායැයි යුධ හමුදා බුද්ධි බලකා විරුවන්ට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මිනීමැරුම් චෝදනා එල්ලකිරීම හෝමාගම මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රශ්න කිරීමට ද ලක්විය.

මෙම නඩුවිභාගය සඳහා සහබාගි වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මහේස්ත්‍රාත්වරයා සමග පිළිසඳරක නිරතවීම හේතුවෙන් වසර 19ක සිරදඬුවමකට ලක්වීමටද හේතු විය.

Related posts

“උතුරේ සිදුවීම් පාලනයට රජය අසමත්.. ජාත්‍යන්තර මැදිහත්වීමක් වහා අවශ්‍යයි“ – විග්නේෂ්වරන්

colombotoday

අධ්‍යාපන ඇමතිට මෙවර උසස් පෙළ විභාගයේ දින කියන්න බැරිවෙයි

Admin

ඖෂධ වර්ග හා වෛද්‍ය උපකරණ කිහිපයක උපරිම මිල සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

ETCA විරෝධය දැක්වූ වෘත්තිකයන්ට එජාප වෘත්තීය සමිති සාමාජිකයෝ පහර දෙති

colombotoday

රේගුව ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අප්‍රසාදය

Admin

කැබිනට් ඇමැතිධුර කිහිපයක වෙනසක් ? ජී.එල් සහ කෙහෙළිය ජනාධිපති ලේඛම් කාර්යාලයේ

colombotoday