Colombo Today Local News

ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියෙන් පිල්ලයාන් නිදහස් කරයි

ඇප මත නිදහස් කර සිටි මඩකලපුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහි පවරා තිබූ නඩුව ඉවත දමමින් ඔහු නිදහස් කිරිමට මඩකලපුව මහාධිකරණ විනිසුරු එස්. සුසයිදාසන් මහතා අද (13) නියෝග කළේය.

එමෙන්ම එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රී එඩ්වින් කිරුෂානන්දන් සහ ප්‍රදීප් මාස්ටර් ඇතුළු සිව්දෙනෙකු නිදහස් කිරීමට නියෝග කෙරිණි.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියට සැකපිට සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට පත්ව වසර 4ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

මෙම ඝාතන නඩුව පසුගිය සදුදා (11) මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ඩි සුසයිදාසන් මහතා ඉදිරියේදී විභාගයට ගැණිනි.

එහිදී නීතිපති වෙන්වෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා නඩුවේ සාක්ෂි ගොනුකර ඉදිරියට ගෙනයාමට අවශ්‍යතාවක් නොමැති බව දැනුම් දීමෙන් අනතරුව එය විමර්ශනය කළ අධිකරණය අද (13) නඩු තීන්දුව ලබා දෙන බව පවසා තිබිණි. කරුණු සියල්ල සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබිණි.

Related posts

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය ජනපති මන්දිරය අසලට කඩා වදී

colombotoday

CCTV දර්ශන වල තාජුඩීන් ඝාතකයන් ගැන සාක්ෂි නැති බව අධිකරණයේදී හෙළිවෙයි

colombotoday

පළාත් සභා ඡන්දයට ආණ්ඩුව සූදානම්

colombotoday

කළු දිලීර රෝගීන්ට කොවිඩ් ආසාදනය වෙලා නෑ.. පසෙහි අඩංගු දිලීර රෝගය හැදෙන්නේ ප්‍රතිශක්තිකරණය අඩු අයට – වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර

colombotoday

රනිල් අගමැතිවීමේ සතුට රට පුරා පාක්ෂිකයෝ සමරති… රතින්ඤ්ඤා දල්වති, කිරිබත් කති…

colombotoday

මොසම් වැසි තවදුරටත්… බෙංගාල බොක්ක හරහා සුළි කුණාටුවක්

colombotoday