Colombo Today Local News

පිදුරංගල තරුණයින්ට නිදහස

ඓතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තරුණයින් තිදෙනා අද (10) නිදහස් කෙරිණි.

ඒ අදාල නඩුව දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදීය.

සිද්ධියේ පළමු විත්තිකරු වූ පාසල් සිසුවාට දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව නිදහස් කෙරුණු අතර සෙසු විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 1500 බැගින් වූ රජයේ ගාස්තුවක් ගෙවන ලෙස නියෝග කර අවවාද කිරීමෙන් අනතුරුව නිදහස් කිරීමට අධිකරණය නියෝග කරන ලදි.

නඩුවේ තීන්දුව ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා මෙහිදී කියා සිටියේ තරුණයින්ගේ අනාගතය පිළිබඳව සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ලබාදුන් බවයි.

පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් මොවුන් දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 26 වැනිදාය.

Related posts

කොවිඩ් නිසා නිවසක සිරවී දින ගණනක් කුසගින්නේ විලාප නගමින් සිටි ජිවිත 37ක්

colombotoday

පාසල් ඇරඹෙන්නේ මෙලෙසයි

colombotoday

ආගමික අන්තවාදීන් පාසලත් බිලිගනී.. බොදුජන පෙරමුණෙන් අධ්‍යාපන ලේකම්ට පැමිණිලි

colombotoday

දරුණු අපරාධකරුවන් උසාවි ගෙන යද්දී එස්‌ටීඑෆ් ආරක්‍ෂාව- පොලිස්‌පති කියයි

colombotoday

රනිල්ට අගමැතිකම දෙන්න තරම් මොළේ අමාරුවක් නැහැ…

colombotoday

සැඟව සිටි පලස්තීනුවෙක් බම්බලපිටියේදී අත්අඩංගුවට

colombotoday