Colombo Today Local News

PCR පරීක්ෂණ සිදු කළ හැකි අධිතාක්ෂණික රසායනාගාර 5 ක්

PCR පරීක්ෂණ සිදු කළ හැකි තවත් අධිතාක්ෂණික රසායනාගාර 5 ක් ස්ථාපනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ති‌‌‌බේ.

කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධති පෙර සූදානම් කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ, කොළඹ ජාතික රෝහලේ සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඉන් රසායනාගාර දෙකක් ස්ථාපනය කරන බවයි.

කළුතර, කෑගල්ල සහ කුරුණෑගල රෝහල්වල අනෙක් රසායනාගාර ස්ථාපනය කරන බව ඔහු සඳහන් කළේ ය.

ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ , අදාළ අධිතාක්ෂණික රසායනාගාර සඳහා අවශ්‍ය උපකරණ කට්ටල ලබාදෙන්නැයි එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා පිළිබඳ කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

ඉදිරි මාස දෙක තුළ එම කට්ටල ලැබෙනු ඇතැයි ඔහු සඳහන් කළේ ය.

මෙරට පවතින PCR පරීක්ෂණ කළ හැකි මට්ටමේ රසායනාගාර සංඛ්‍යාව 20 කි.

Related posts

රවී සටන දිනයි.. ලොතරැයි මණ්ඩලය ඇතුළු ආයතන පහක් විදෙස් අමාත්‍යාංශයට.. ගැසට් එක මෙන්න

colombotoday

චීන එන්නත බංගලාදේශයට ඩොලර් 10ට දෙන කතාව බොරු. | චීන එම්බසිය කියයි.

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා රිමාන්ඩ්

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 219 දක්වා ඉහළට

colombotoday

අධ්‍යාපනයේ අසමානතා ඉවත් කරනවා

Admin

බැසිල් – කබ්රාල් වහාම ඉවත් වනු ….! – ජාතික සංවිධාන මහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණ

colombotoday