Colombo Today Local Newsfeatured

භූමිදානය කලොත් වෛරස ජලයට එකතුවීමට හැකියාවක් තිබෙනවා. |කොචිඩ් මළ සිරුරු ආදාහනය පමණයි. සෞඛ්‍ය ඇමතිනි කියයි.

“කොවිඩ් 19 ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීමට දැනට පවතින රෙගුලාසිවලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12ක් ගොනු කරනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් 12 ම නිෂ්ප්‍රභා කරනු ලැබුවා. පර්යේෂණවලින් ඔප්පුවී තිබෙනවා මෙම සිරුරු භූමිදානය කරපුහම එම වෛරස ජලයට එකතුවීමට හැකියාවක් තිබෙන බව. ඒ වගේම එය එසේ නොවන බවටත් තවත් පිරිස් තර්ක කරනවා.” යැයි ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කර සිටිනවා.

ඊයේ (2) දින රැස්වෙච්ච විශේෂඥ තාක්ෂණික කමිටුව තමන් වෙත දැනුම්දෙනු ලැබුවේ මෙම වෙනස්වන වෛරසය සම්බන්දයෙන් වඩාත් ගැඹුරින් අධ්‍යනය කරල ඒ සම්බන්ධයෙන් අවසාන තීන්දුව ලබා දෙන බව යැයි වැඩි දුරටත් සඳහන් කර සිටි ඒ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුවත් තාක්ෂණික කමිටුවේ අවසාන තීන්දුව ලබා දෙන තෙක් කොවිඩ් 19 වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානය කිරීමට අවසරයක් ලබාදීමට හැකියාවක් නැති බව අවධාරණය කර සිටියා.

Related posts

ගුරුකන්ද නාහිමිගේ ආදාහනයට එරෙහිව විග්නේශ්වරන් ඇතුළු පිරිසක් විරෝධතාවයක

colombotoday

“මොන බාධක ආවත් ජනාධිපතිවරණයට එනවා”

colombotoday

කසකස්ථානයේ සිට නත්තල සමරන්න ආ විදේශිකයා මුහුදේ ගිලී මරුට

Admin

මුතුරාජවෙල කුණු කන්දේ ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වයි… කඩොලාන පරිසරයට හානියක් නෑ !

colombotoday

නිරෝධායනය මගහැර බස් රථයකින් පළා ගිය වනාතමුල්ලේ අයෙකු මත්තලදී අල්ලයි

colombotoday

බෝගම්බර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙන ආ නියාමකවරයෙක් මාට්ටු

colombotoday