Colombo Today Local News

පාර්ලිමේන්තුව අද රැස් වේ

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (05) උදෑසන රැස්වීය.

පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පැයක කාලයක් වෙන් කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහායි.

ඉන් පසුව පනත් කෙටුම්පත් කිහිපයක් දෙවන වර කියවීමට නියමිතය.

ඒ අනුව කල්තබන ලද සුරක්ෂිතලත් ගනුදෙනු භාර ලදුපත්, උකස් සංශෝධන, කල්බදු මූල්‍යකරණ සංශෝධන, දේශීය භාර ලදුපත්, සමාගම් හා ලේඛන ලියාපදිංචි කිරීමේ පනත් කෙටුපත් දෙවන වර කියවීමේ විවාදයට ගැනීමට නියමිතව ඇත.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යන කාරක සභා, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදී අද රැස්වීමට නියමිතයි.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්විමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සදහා එස්. සී මුතුකුමාරන මහතා අද පාර්ලිමේන්තුවේදි දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

මේ අතර වැටුප් වැඩිකිරිම ගැන කරුණු විමසීම සඳහා මහ බැංකු නිලධාරීන් අද පාර්ලිමේන්තුවට කැඳවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පෙරවරු 10.30 පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට මහ බැංකු නිලධාරීන් කැඳවනු ඇති.

Related posts

එජාපයේ කලු බැටලුවන් ගැන රවී හෙළිකරයි…

colombotoday

“භික්ෂූන් වහන්සේලා එක්ක හැප්පෙන්න ඇවිත් තමන්ගේ වල කපාගන්න එපා“ – අස්ගිරියෙන් අනතුරු ඇගවීමක්

colombotoday

කාබනික පොහොර ලෙස චීනේ නාගරික කසල ශ්‍රී ලංකාවට | දිලිත් ජයවීරත් කාර්ය සාධක බලකායට

colombotoday

මෝහිණී ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට ගල් කඩා වැටෙයි

colombotoday

70 වන නිදහස් සමරුවේදී අමුතු නැටුමක් නටන්න යයි..

colombotoday

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

Admin