Colombo Today Local News

තෙමස් ගැබිණියක් ගෙවත්තේ වල දැමුවේ යැයි කියන කළලයක් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේදි ගොඩ ගැනේ

අවිවාහක තෙමස් ගැබිණියක් විසින් තම නිවසේ මල් පාත්තියක් තුල වල දැමුවේ යැයි කියන කළලයක් නුවරඑලිය මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ජයරත්න මහත්මිය ඉදිරියේදි (01) දින නුවරඑලිය පොලිසියේ නිලධාරින් විසින් ගොඩ ගනු ලැබුහ.

නුවරඑලිය කැලේගාල පහල ගිබ්සන් ප්‍රදේශයේ ඇය පදිංචිව සිටි නිවසේ මල් පාත්තියක වලලා තිබියදි කළලය ගොඩ ගැණින.

26 හැවිරිදි එම අවිවාහක ගැබිණි තරුණිය ගබ්සාවෙන් පසුව ප්‍රතිකාර ලබා ගැනිමට නුවරඑලිය මහ රෝහල වෙත (31) දින ඇතුලත් වි ඇති අතර , රෝහලේදි වෛද්‍යවරුන් විසින් ඇය පරික්ෂා කිරිමෙන් අනතුරුව ඇයට ගබ්සාවක් සිදු වි ඇති බවට වෛද්‍යවරුන් විසින් නුවරඑලිය පොලිසියට කරන ලද දැනුම් දිමක් මත නුවරඑලිය පොලිසියේ නිලධාරින් විසින් ඇය පදිංචි නිවස සහ නිවස අවට (01) දින පරික්ෂා කිරිමේදි එම තරුණිය විසින් වල දැමුවේ යැයි කියන කළලය වල දමා තිබු ස්ථානය හදුනාගෙන මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේදි ගොඩගනු ලැබුහ.

ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් ඇය ගැබ් ගන්නට ඇති බවත්, පසුව එම ගැබ ගබ්සා කිරිමක් සිදු කර ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසියේ ආපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් සැකකරයි.

ගොඩගත් කළලය පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නුවරඑලිය පොලිසිය නියෝග කලහ.

එම තරුණියගේ පෙම්වතා අත්අඩංගුවට ගැනිමට නුවරඑලිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇති අතර , අදාල තරුණිය මේ වන විට නුවරඑලිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

සංගීත සංදර්ශන පැවැත්වීමට තිබූ කාලය දීර්ඝ කරයි

Admin

සියලු විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම්

colombotoday

ජොන්ස්ටන් විග්නේශ්වරන් සමග යාපනයේදී ගැටුමක්

colombotoday

සෝභිත හිමි අපවත්වීම සැලසුම්සහගත ලෙස කළ ඝාතනයක් – අභිරහස් තොරතුරු රැසක් හෙළිදරව් කරයි

colombotoday

විපක්‍ෂය ඇවිලේ.. ප‍්‍රධාන සංවිධායක ධුරයට ගැටුමක්

colombotoday

ඇවන්ගාඩ් ව්‍යාපාරය විනාශ කළාට මිලියන 840ක් වන්දි ගෙවන්න වෙයි.. අධිකරණයෙන් තීන්දුවක්

colombotoday