Colombo Today Local News

සිනී ජාවාරමට හවුල් බවට චෝදනා එල්ලවූ නුෂාඩ් පෙරේරා සතොස සභාපති ධුරයෙන් දොට්ට දමයි

කුප්‍රකට ජාවාරම්කාර සමාගමක් සමග එක්වී සිනී ජාවාරමෙන් රජයට රුපියල් කෝටි ගණනක් අලාබයක් සිදුකළ බවට පසුගිය දිනවල දී චෝදනා ලද නුෂාඩ් පෙරේරා වහාම ක්‍රියාත්මකවන පරිදි සතොස සභාපති ධුරයෙන් ඉවත් කිරීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් කටයුතු කර ඇත.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස්මතය.

ඒ අනුව සතොස වැඩබලන සභාපති ලෙස වෙළඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන පත්කර ඇත.

නුෂාඩ් පෙරේරා, ලක් සතොස ආයතනයේ සභාපති ලෙස ද කටයුතු කරන ඔහුට එම තනතුරින්ද ඉල්ලා අස්වන ලෙස වෙළඳ අමාත්‍යංශය විසින් දැනුම් දීමක් කර තිබේ.

නුෂාඩ් පෙරේරා මෙන්ම අදාල ජාවාරම්කරුවන් ජනාධිපතිවරයාගේ නම විකුණමින් වෙළඳ අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් බිය ගන්වමින් සිය ව්‍යාපාරික ජාවාරම් කිසිඳු බාධාවකින් තොරව පවත්වාගෙන ගොස් ඇත.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා ජනාධිපතිවරයා හමුවී ඒ සම්බන්යෙන් කරුණු දක්වමින් සිය කනස්සල්ල පළකර තිබිණ.

ඒ අනුව සීනි ජාවාරමට සම්බන්ධ ජාවාරම්කාරයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් සොයා බලා තමා වෙත වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය බුද්ධි අංශවලට උපදෙස් දී ඇතැයි ද වාර්තාවේ.

theleader

Related posts

තවත් ප්‍රබලයෙක් විමල් හැර යයි… ජනපතිට සහය දක්වා ශ්‍රීලනිප යට එක්වෙයි

colombotoday

බැදුම්කර බෑණාගෙන් කෝටි 84ක අරක්කු පොල්ලක් !! (Video)

colombotoday

විමල්ගේ බිරිඳගෙන් CID යට පැමිණිල්ලක්

colombotoday

සත්‍ය සෙවීමේ සහ සංහිදියා කොමිසම ජූනියේදී ඇරඹෙයි

colombotoday

උඩරට දෙමළ ජනතාව අගයන්න කැබිනට් අනුමැතිය

Admin

බැදුම්කර වාර්තාව කල් යයි.. කොමිසමේ කාලය දීර්ඝ කෙරේ !

colombotoday