BusinessColombo Today Local News

නෙස්ලේ සමාගමේ අලුත්ම නිෂ්පාදනය නීති විරෝධීයි. පාරිභෝගිකයිනි පරිස්සමෙන්!

අංක: 440, ටී.බී ජයා මාවත යන ලිපිනයේ පිහිටා ඇති  නෙස්ලේ සමාගම විසින් හදුන්වා දී ඇති සහ අලෙවි කරනු ලබන “Nespray forty grow Milky bicuits” නිෂ්පාදනය මෙරට වලංගු නීති උල්ලංඝණය කරමින් නිෂ්පාදනය හා අලෙවි කරමින් සිටින බැවින් ඒ පිලිබද විමසිල්ලෙන් සිටිනා ලෙස සමස්ත පාරිභෝගිකයන්ගෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටිනවා.

2005 ජනවාරි 19 වන දින නිකුත් කරන ලද අංක 1376/9 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය අමු අමුවේ උල්ලංඝණය කර ඇති නෙස්ලේ සමාගම අදාල නිෂ්පාදනය කොළඹ අවට පාසැල් සදහා නොමිලේ බෙදාහරිමින් සිටීන්නේ දූෂිත දේශපාලකයින්ගේ හයිය ඔවුනට ඇති නිසාද? යන්න එම සංවිධානය ප්‍රශ්ණ කර සිටියි.

ඕනෑම නිෂ්පාදනයක ප්‍රධාන නාමය භාෂා දෙකකින් සදහන් වියයුතුය. මෙම නිෂ්පාදනයේ භාෂා දෙකෙන්ම සදහන්වන්නේ ‘’Flavoured Milk’’ ‘’ රස කල කිරි’’ යන්නයි. එහෙත් රස කර ඇත්තේ කුමකින්ද යන්න සදහන්කර නැත. අසුරනයේ ඇති අඩංගු ද්‍රව්‍ය ලයිස්තුවේ ‘’රසකර කිරි යන්න’’ කුමක්දැයි සදහන් කර නැත.     

 

ඒ අනුව 2005 ජනවාරි 19 වන දින නිකුත් කරන ලද අංක 1376/9 දරණ අතිවිශේෂ ගැසට්පත්‍රයේ 7 (1) වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කරයි. එම වගන්තිය පහත දැක්වේ.

තවද පෝෂණ තොරතුරු ඇතුලත් ලේබලය ඇසුරුමේ අලවා ඇත්තේ තවත් ලේබලයක් උඩිනි. එසේ ඇලවීමට නම් අහාර උපදේශක කමිටුවේ අවසරය ලබා ගතයුතුය.

පෝෂණ තොරතුරු ඇතුලත් ලේබලයේ රූපමය සංකේත  භාවිතා කල හැක්කේ නිසි අවසරයක් ලබා ගැනීමෙන් පසු පමණි.

මීට පෙර අදාල සමාගම නිෂ්පාදනය කරන නෙස්ටී  පානයේ  සේදුම් කාරකයක් වන Tri sodium phosphate (E319) අඩංගු බවද නෙස්ටමෝල්ට් පානය කල හැක්කේ දිනකට කෝප්ප 3 ක් බව සදහන් කර ඇත්තේ ලේබලයේ කුඩාවට බවද අප සංවිධානය සදහන් කර ඇත. එපමණක් නොව ජනාධිපතිවරයාද එම සමාගමේ නිෂ්පාදනයක් වන MILO පානයේ අධිකව සීනි අඩංගු බව සදහන් කරමින් එයට විරෝධය පළකරමින් රටවටා  MILO පැකට් ප්‍රදර්ශණය කරමින් යනු ලබයි.

Related posts

සියලුම පළාත් පාලන ආයතන සඳහා ඉදිකිරීම් සම්බන්ධව එකම බලපත්‍ර ආකෘතියක්

colombotoday

අලින්ට ලේසර් කිරණ අල්ලා කුලප්පු කරනවාද? – චන්න පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

Admin

SAITM විරෝධයෙන්ට කොළඹ උණුසුම්… වෛද්‍ය සිසුන්ට අධි පීඩන ජලප්‍රහාර… කදුළු ගෑස් !!

colombotoday

දේශපාලන ප්‍රභූන් අත්අඩංගුවට ගැනීම විධිමත් කරන්න පාර්ලිමේන්තු කමිටුවක් !

colombotoday

ආදීවාසී නායකයා ඉදිරිපත් කල රිට් පෙත්සම සලකාබැලීමට දින නියම වෙයි

colombotoday

මාධ්‍ය නිදහස දර්ශකයේ ලංකාවට හිමි අලුත්ම තැන මෙන්න

colombotoday