Colombo Today Local News

ආගමික නිර්දේශ පසෙක තබා කොවිඩ් මරණ ආදාහනය කළ යුතුයි | නාරංපනාවේ ආනන්ද නාහිමි

කොවිඩ් 19 වයිරසය ශරීරගත වීම නිසා මරණයට පත් වන පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය කරන්නේද භූමදානය කරන්නේ ද යන්න තීරණය කළ යුත්තේ ආගමික පසුබිමක් තුළ නොව සෞඛ්‍ය නිර්දේශ කරනු ලබන ආරක්ෂිත ක්‍රමවේද අනුව බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති.

මියගිය පුද්ගලයෙකුගේ සිරුර භූමදානය කිරීම ජීවත්ව සිටින අයගේ ජීවිතයට තර්ජනයක් නම් ආගමික නිර්දේශ පසෙක තබා එම සිරුරු ආදාහනය කළ යුතු බවත් එය බෞද්ධ,ඉස්ලාම් හෝ හින්දු යන ආගමික පදනමින් ප්‍රශ්නයක් කර නොගත යුතු බවත් උන්වහන්සේ කීහ.

රටක් ලෙස මේ අවස්ථාවේ අප යම් අර්බුදයකට ලක්ව සිටින බවත් ඉන් ගොඩ ඒමට සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතුව තිබෙන මොහොතක ජාති හා ආගම් භේද මතු කිරීමට කිසිවෙකු උත්සහ කරන්නේ නම් එය රටට කරන අයහපතක් බවත් ආනන්ද නාහිමියෝ පැවසූහ.

කොරෝනා වෛරසය ශරීරයෙන් ශරීරයට පැතිර යන්නේ ජාති,ආගම් හෝ වෙනත් කිසිදු භේදයක් නොසලකා බවත් ඉන් පුද්ගලයින් මරණයට පත්වන්නේද කිසිදු වර්ගීකරණයකින් තොරව බවත් කී උන්වහන්සේ මරණයෙන් පසු අප බේද ඇති කර ගැනීම අනවශ්‍යය ගැටලුවකට පාර කැපීමක් බව ද අවධාරණය කළේය.

මරණයෙන් පසු ආදාහනය හා භූමදානය කිරීමට පෙර මළ ගිය තැනැත්තා වෙනුවෙන් බෞද්ධාගමික වශයෙන් ඉටු කළ යුතු චාරිත්‍ර තිබෙන නමුත් මෙම අවස්ථාවේ බෞද්ධ ජනතාව එය තේරුම් ගෙන අදාළ ආගමික වතාවත් ඉටු නොකර කොවිඩ් ආසාදිතයින් ආදාහනය කිරීමට ඉඩදී තිබෙන බවත් මුස්ලිම් ජනතාව අතරින් යම් පිරිසක් ආගමික පදනමින් පමණක් මෙම ප්‍රශ්නය දෙස බැලීම කනගාටුවට කරුණක් බවත් පරිවේණාධිපති නාහිමියෝ කීහ.

වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ නිර්දෙශ ගණනාවක් ඉදිරිපත් කර තිබෙන බවත් අප කළ යුත්තේ අපේ හිතුමනාපයට කටයුතු නොකර එම නිර්දේශ අනුව ක්‍රියා කිරීම බවත් උන්වහන්සේ පැවසූහ.

අසේල කුරුළුවංශ

Related posts

රනිල්ට රාජිතට චම්පිකට සිද්ධ වෙන්නේ මුහුදේ පනින්න – වාසුදේව නානයක්කාර

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණය නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥභාවය අහෝසි කරයි…

colombotoday

“බැදුම්කර වෙන්දේසියට උපදෙස් දුන්නේ අගමැති වික්‍රමසිංහයි” – අර්ජුන් මහේන්ද්‍රන් මුල්වරට පිළිගනී

colombotoday

ඇමෙරිකා තානාපතිනිය සහ නව විදේශ ඇමති අතර හමුවක්

colombotoday

ඇමති බදියුදීන් ජාත්‍යන්තරය ඇවිලවීමේ සූදානමක… සිංහලයන් සුළු ජාතීන්ට හිරිහැර කරනවායි පෙන්වීමට වීඩියෝවක් හදයි !!

colombotoday

ඉතාලිය හා දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් 2000 ක් නිරෝධායනයට

colombotoday