Colombo Today Local News

ඉන්දියන් දියර පොහොර ගෙන්වීම : ලංකාවේ රු. 1302.18 ක් වන නිෂ්පාදනය රු. 5230 ක ට මිලදී ගත්තේ කොමිස් මගඩියකටයි

ඉන්දියන් දියර පොහොර ගෙන්වීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවයක් පිළිබඳව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

යූරියා සහ නයිට්‍රජන් පොහොර ඒකාධිකාරය කඩිමුඩියේ පිහිටුවා ගත් සමාගමක තනි අයිතියට ලබාදීම සඳහා සකස් කළ කැබිනට් පත්‍රිකාව බොරුව අසත්‍යය පිරුණු මුදල් මඟඩියකට සැකසූ උගුලකි. කෘෂිකර්ම කේෂ්ත්‍ර යේ රැකවලුන් ලෙස පෙනී සිටින ඊනියා බුද්ධිමතුන් ලංකාවේ කෘෂිකර්මාන්තය වලපල්ලට යවමින් පුද්ගලයින් කිහිප දෙනෙකුට ධන උත්පාදනය සඳහා තම වෘත්තීය දැනුමත් ගණිකා වෘත්තීයේ යෙදවීම කණගාටුවකි.

නැනෝ තාක්ෂණය පිළිබඳ එකම විශේඥයෙකු හෝ නොමැති තාක්ෂණික කමිටුවක් මගින් ඉන්දියාවේ රු. 484 ක් වන (ලංකා රුපියල් 1302.18) ක් වන නැනෝ නයිට්‍රජන්, ලංකාවේ මුදලින් රු. 5230 කට මිලදී ගෙන ඇත.

කැබිනට් පත්‍රිකාවට අනුව ද, ආනයනය කර ඇති නිෂ්පාදන විස්තරයට අනුව ද, මෙම නිෂ්පාදනයට ‘කාබනික සහතිකය‘ නැත. කාබනික කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා යැයි දැවැන්ත ප්‍රචාරයක් ගෙන යමින් ආනයනය කරනු ලැබ ඇත්තේ අවම වශයෙන් කාබනික සහතිකය හෝ නොමැති නිෂ්පාදනයක් ය.

ඩොලර් නැතිකම වසා ගැනීමට කාබනික පොහොර මිත්‍යාවේ ගිලෙන විටම මහ කන්නයට අවශ්‍ය පොහොර – බෙහෙත් සපයා ගැනීම ප්‍රශ්නයක් වන බව බුද්ධියත් ඇති ඕනෑම අයෙකුට වැටහී යා යුතුව තිබුණි. ඒ පිළිබඳ විශේඥයින් අදහස් දක්වා තිබුණි.

කෘෂිකර්ම අමාත්‍යාංශය අද විට දැවැන්ත මුල්‍ය හා ශ්‍රාස්ත්‍රීය වංචා සිදු කරන හොර ගුහාවක් බවට පත්ව ඇත. චීන අශුචි ගෙන්වීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමෙන් පසුව සියළු රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායන් හා රීති බිඳදමමින් චීනයේ දෙපතුල ලෙවකන රටක් බවට පත් කර ඇත. චීන අශුචි පොහොර කෙසේ හෝ ලංකාවට ගොඩබෑම දුෂිතයින්ගේ අරමුණයි.

මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවෙන් ඉවත් කිරීම සැබෑ බුද්ධිමතුන් කෘෂිකර්ම කේෂ්ත්‍රයේ ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීමකි. ඒ වෙනුවෙන්, අශුචි කාබනික පොහොර ගෙන්වීමේ නියෝජිතයා ලෙස කටයුතු කළ වත්මන් කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ සිය ජාවාරමට අවශ්‍ය ලේඛන සකස් කිරීම සඳහා තැරැව්කරුවන් කුලියට ගෙන ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යවරුන් සහ එහි ලේකම්වරුන් රටේ ලක්ෂ 24 ක් වන ගොවි ජනතාව ද, ආහාර සුරක්ෂිතතාවය ද, රටේ ආර්ථිකය ද මකර කටට යවමින් සිදු කරන නාඩගම නැවැත්විය හැක්කේ කෘෂිකර්ම කේෂ්ත්‍ර යේ ප්‍රවීණයන්, වෘත්තිකයින් මෙයට සම්බන්ධ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන්වන සංවාදයට එක්වීමෙන් පමනී. උද්දච්ච, පණ්ඩිත සොර මුලක් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මකොල්ලකෑම වැලැක්වීමට එක්වන ලෙස කෘෂිකර්ම විශේඥයින්, වෘත්තිකයින්, ගොවිතැනට සම්බන්ධ සියලු සියළු පාර්ශවයන්ගෙන් මම අයැද සිටිමි.

රෝහිණී කවිරත්න
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී

Related posts

නීතිය හා සාමය ඇමති ලෙස අගමැති රනිල් දිවුරුම් දෙයි

colombotoday

අලුත්ම නීතියක් පාර්ලිමේන්තුවේදී සම්මතයි.. ”හැප්පුණොත් ඔන් ද ස්පොට්” ඉන්දියන් කාර් එක මෙරට වෙළදපොලට

colombotoday

හමුදාවට දඩුවම් කළ යුතුයි කියන ඇමති ෆොන්සේකාට දොඩම්පහළ හිමිගෙන් කණ පැලෙන්න පිළිතුරු

colombotoday

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ ඉවත් කරයි

colombotoday

තව්හිද් ජමාත්, මියන්මාරයට එරෙහිව අද කොළඹදී යකා නටන්න යයි !!

colombotoday

මීගමුව බන්ධනාගාරයෙන් දුරකථන 61ක් සොයා ගනී

colombotoday