World

නවසීලන්තයේ ආදිවාසී කාන්තාවක් විදේශ ඇමැති ධුරයට

නවසීලන්තයේ අගමැතිනි ජසින්දා ආඩර්න් මෙයට සති කිහිපයකට පෙර පැවැති මහා මැතිවරණයෙන් නැවතත් ජය ලැබීමෙන් පසු පළමු වතාවට එරට ආදිවාසී කාන්තාවක විදේශ ඇමැති ධුරයට පත් කර තිබේ. නනායියා මහුතා නැමැති මෙම කාන්තාව නවසීලන්තයේ ආදිවාසි ජන කොටසක් වන මාඕරි ජන කොට්ඨාසයට අයත් වන්නියකි. මාඕරි ජනතාවගේ අනන්‍යතාව දැක්වෙන ලකුණක් වන මොකො කෝඊ නැමැති පච්ච ලකුණ නිකටෙහි සටහන් කරගෙන පාර්ලිමේන්තුවට පැමිණි පළමු මන්ත්‍රීවරිය ලෙසද ඇය වරක් අවධානයට ලක් වූවාය. ඒ මෙයට වසර 4කට පෙරය.

මෙවර මහා මැතිවරණයෙන් ජසින්දා ආඩර්න්ගේ කම්කරු පක්‍ෂය බලයට පැමිණියේ විශිෂ්ට ජයක් ලබමිනි. පාර්ලිමේන්තුවේ ආසන 120න් ආසන 64ක් දිනා ගැනීමට එම පක්‍ෂයට හැකි විය. මෑත කාලය තුළ මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගනිමින් බලයට ආ එකම පක්‍ෂය එයයි. ජසින්දා ආඩර්න්ගේ ජනප්‍රියත්වය මෙම ජයග්‍රහණයට විශාල වශයෙන් බලපෑවේය.

මෙවර පත් වූ පාර්ලිමේන්තුවද විශේෂත්වයක් ගන්නා බැව් සඳහන් වේ. එය මහත් විවිධත්වයකින් යුතු පාර්ලිමේන්තුවක් ලෙස විශාල අවධානයක් දිනාගෙන තිබේ. මෙවර පාර්ලිමේන්තුවට පත්ව සිටින මන්ත්‍රීවරුන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් කාන්තාවන්ය. ලෝකයෙහි පාර්ලිමේන්තු නියෝජනය කරන කාන්තාවන්ගේ සාමාන්‍ය ප්‍රතිශතය සියයට 25 කි. මෙම තත්ත්වය තුළ නවසීලන්තය ඒ අතින් විශාල ජයග්‍රහණයක් ලබා ඇති බව පෙනේ. මෙවර පත්ව සිටින මන්ත්‍රීවරුන්ගෙන් සියයට 10 ක් පමණ සමරිසි පුද්ගලයන් වීමද තවත් කැපී පෙනෙන කාරණයක් වී තිබේ. මෙතෙක් කලක් මේ අතින් වාර්තාවක් පිහිටුවා තිබුණේ බ්‍රිතාන්‍යයයි. එහි පහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට 7ක් පමණ සමරිසි පුද්ගලයන් බව සඳහන් වේ. පාර්ලිමේන්තුවෙහි මෙම විවිධත්වය ගැන තමා ආඩම්බර වන බවත්, එය මෙම පාර්ලිමේන්තුව පත් කිරීමට ඡන්දය දුන් ජනතාව ගේ පිළිබිඹුවක් බවත් අගමැතිනි ආඩර්න් පවසා තිබිණි.

Related posts

සුන්නි – ෂියා විරසකය ඇවිළෙයි.. සෞදි අරාබිය ඉරානය සමග සියළු සබඳතා අත්හරී

colombotoday

ඇමරිකානු උප ජනාධිපතිගේ කාර්ය මණ්ඩල සාමාජිකයකුටත් කොරෝනා අසාදනය වෙලා

colombotoday

ඉතිහාසය හරාම්, ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තයෝ පැල්මයිරාවේ විජග්‍රහණයේ ආරුක්කුව සුන් කරයි – Video

colombotoday

දකුණු කොරියාවේ තවත් කොවිඩ් රැල්ලක්

colombotoday

අමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ බලතල පළමුවරට කාන්තාවකට

colombotoday

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ රටවල් පහ අතරට බ්‍රිතාන්‍ය එක් වෙයි

colombotoday