Colombo Today Local News

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කෙරේ

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ වැඩ තහනම් කිරීම සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා තීරණය කර තිබේ.

ඒ සඳහා වන නිර්දේශය අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාගේ අත්සනින් ජාතික පොලිස් කොමිසම වෙත යවා ඇතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය සඳහන් කළේ ය.

ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන විමර්ශනවල තොරතුරු මත පදනම්ව ඔහුගේ වැඩ තහනම් කිරීමට අමාත්‍යංශය තීරණය කර තිබේ.

Related posts

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ජන්ම දිනය හෙටයි

colombotoday

අනෝමා ජිනාදරීගේ “කාම සූත්තරේ”… “ප්‍රේම ජවනිකා”

colombotoday

රුසියානු ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නය වහාම විසඳිය යුතුයි – දිනේෂ් ගුණවර්ධන

colombotoday

ටෙන්ඩර් නොමැතිව ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන්වීමට කැබිනට් අනුමැතිය

Admin

ගෝඨාගේ විරෝධතා ඉවතට – මුදල් අවභාවිතා නඩුව විභාග කරයි

colombotoday

මුස්ලිම් කාන්තාවන්ට නීතියේ ප්‍රශ්න. | හැම කාන්තාවකටම නීතිය එකක් විය යුතුයි.

colombotoday