Colombo Today Local NewsTop Stories

නාගනන්ද කොඩිතුවක්කු ශ්‍රේෂ්ඨාධිකරණයේදී වීරත්වයෙන් සිදුකල විශේෂ ප්‍රකාශය මෙන්න

2015 මැයි 21 වන දින අභියාචනාධිකරන සභාපති විනිසුරු වී.කේ මලල්ගොඩ මහතාට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදුකිරීම සන්බන්ධයෙන් චෝදනා ලබා සිටි නීතිඥ නාගනන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මාර්තු 18 දින නියෝග කරන ලදි.

මේ පිළිබඳව සමාජය තුල කතාබහක් ඇතිවූ අතර තීන්දුවෙන් පසුවද නගානන්ද කොඩිතුවක්කු මහතා විවිධ ප්‍රකාශ සිදුකරනු දක්නට ලැබිණ.

මෙම නඩුව ආරම්භ වූ අවස්ථාවේදී නගා ඇති චෝදනාවලට තමා නිවැරදි කරු බව නීතිඥ නගනන්ද කොඩිතුවක්කු මහතා වීරත්වයෙන් ප්‍රකාශ කර ඇති අතර ඒ පිළිබඳව මාධ්‍යය ඉදිරියේ පවා ප්‍රකාශ ලබා දෙන ලදි.

කෙසේ වෙතත් 2019 මාර්තු 13 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශයක් ලබාදෙමින්,

2015 මැයි 21 සිදුකල ප්‍රකාශය පිළිබඳව, අභියාචනාධිකරන සභාපතිවරයාගෙන් සහ සිද්ධිය සිදුවූ අවස්ථාවේ අභියාචනාධිකරන සභාපති විනිසුරු ලෙස කටයුතුකළ වී. කේ. මලල්ගොඩ මහතාගෙන් සහ අනෙකුත් සියලුම අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන්, තමාගේ කණගාටුව සහ කොන්දේසි විරහිත සමාව ඉල්ලා සිටින බව විවෘත අධිකරණයේදී ප්‍රකාශයක් ලබා දෙමින් නාගනන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කර ඇති අතර අවශ්‍යයනම් එය ලිඛිතව ලබා දීමටද තමන් සුදානම් බවද ප්‍රකාශ කර ඇත. (ඒ බව නඩු තීන්දුවේ සඳහන් කර ඇත)

නාගනන්ද කොඩිතුවක්කු සිදුකල ප්‍රකාශයේ තින්දුවේ සඳහන් කොටස

එම සමාව ගැනීම තුලින් නාගනන්ද කොඩිතුවක්කු මහතා වරදක් කර ඇති බව පිළිගෙන ඇති බැවින් වසර තුනකට නීතිඥභාවය අත්හිටුවීමට ශේෂ්ඨාධිකරණය නියෝග කරන ලදි.

නඩු තීන්දුව….

Related posts

වංචනික ක්‍රියා අපිට දන්වන්න – ඇමති රිෂාඩ් බදුර්දීන්

colombotoday

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Admin

සාපෙල ‘ ඒ ’ නවයේ විශිෂ්ඨයෝ 9413ක්

colombotoday

ඇමති වජිරත් සහනාධාර අවභාවිතයේ.. ජනතාව දුන් ආධාර තමන්ගේ නම ගසා බෙදා හරී

colombotoday

සිසුන් 200ට වැඩි පාසැල් සතියේ දින පහේම පැවැත්වීමට අවසර

colombotoday

අතුරුගිරියේ ලඩියා ඉන්දියාවේදී අත්අඩංගුවට

colombotoday