Colombo Today Local News

MSC මැග්නිෆිකා නෞකාවේ සිටි ජර්මන් ජාතික කාන්තාවක්ද ගොඩ බිමට ගෙන්වා ගනී

ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ සිටි ජර්මන් ජාතික කාන්තාවක්ද ගොඩ බිමට ගෙන්වා ගැනීමට නාවික හමුදාව කටයුතු කරයි.

ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු විසින් සමාජ මධ්‍ය ඔස්සේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස පසුගිය දිනෙක ඉල්ලීමක් සිදු කර තිබූ අතර, ඒ අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ අනුමැතිය හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සෘජු මැදිහත්වීම මත එම ශ්‍රී ලංකිකයා ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට අද (2020 අප්‍රේල් 06) නාවික හමුදාව කටයුතු කරන කෙරුණා.

මීට අමතරව මෙහි සිටි රෝස්මෙරි මාග්‍රට් නම් වූ 75 වියැති ජර්මානු ජාතික හදවත්  රෝගී කාන්තාවක්ද ප්‍රථිකාර සඳහා ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදි. ශ්‍රී ලංකාව අත්තර් ජාතික නීතියට සහ සම්මුතීන්ට අනුව ශ්‍රී ලංකාව වග කියන සොයා බැලීමේ සහ මුදවා ගැනීමේ කළාපය (SARR) තුල අනතුරට හෝ හදිසි තත්වයන්ට මුහුණ පාන නෞකාවන් සඳහා ආධාර කිරීමේ වගකීමක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරී ඇත.

එසේ නමුත් දැනට ලෝකය පුරා පවතින සෞඛ්‍යමය තත්වය මත වගකීමටත් එහා ගිය මානුෂීයත්වයකින් මෙම රෝගී වූ කාන්තාව ගොඩ බිමට රැගෙන ඒමට නාවික හමුදාධිපති  වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සෘජුව මැදිහත් වී තිබෙනවා. මෙහිදී සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයක් තුල කොවිඩ් 19 මැඩලීමේ ජනාධිපති කාර්යය සාධක බළකායේ නියමයන්ටද අනුකූල වන ආකාරයට ගොඩබිමට රැගෙන ආ මෙම කාන්තාව වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කළ බවයි නාවික හමුදා මාධ්‍ය සදහන් කළේ.

Related posts

රවී සටන දිනයි.. ලොතරැයි මණ්ඩලය ඇතුළු ආයතන පහක් විදෙස් අමාත්‍යාංශයට.. ගැසට් එක මෙන්න

colombotoday

ගොඩනැගිලි‍ ද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් ඉහළට. වැලි කියුබ් එකක මිල පමණක් රු. 8,000කින් ඉහළ ගිහින්

colombotoday

එටිසලාට් : සෞදි රජ පවුලේ නෑයෙක් ලංකාවට කැදවයි.. ශ්‍රීපාද මෙහෙයුම තවත් වේගවත් කරයි

colombotoday

TVS ලංකා සම්පූර්ණයෙන්ම ඉන්දියාව අයිතිකරගනී…

colombotoday

චීනයෙන් ප්‍රතිචාර‍යක් නැහැ… IMF ණය කල් යන ලකුණු

Admin

රිෂාඩ් බදුර්දීන්ට අධිකරණය අද දුන් නියෝගය

colombotoday