Colombo Today Local News

පුංචි ඡන්දෙන් පසු මෛත්‍රී – මහින්ද භාරකාර ආණ්ඩුවක් !

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය එකතුවී භාරකාර ආණ්‌ඩුවක්‌ බිහි කිරීමට හැකියාව ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රි්‍ර ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විසින් කොන්දේසි දෙකකට එකඟ වන්නේ නම් කිසිදු තනතුරක්‌ නොගෙන භාරකාර ආණ්‌ඩුවක්‌ සෑදීමට හැකි බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා පසුගියදා දෙපාර්ශ්වය විසින් පැවැත්වූ සාකච්ඡා බිඳවැටීමට හේතු වූ එක්‌ අයෙකු ලෙස රණතුංග මහතාට චෝදනා කිරීම පිළිබඳව විමසූ අවස්‌ථාවේදී නැවත එක්‌වීමට හැකියාව පිළිබඳව සඳහන් කරමින් රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

සාකච්ඡා බිඳ වැටීමට ප්‍රධානතම හේතුව වූයේ ආණ්‌ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රිවරු ඇමැතිකම්වලින් අස්‌වෙලා ආණ්‌ඩුවක්‌ බිහි කිරීමට අකැමැතිවීම බවත් ඒ නිසා මැතිවරණයෙන් පසුව ඇමැතිකම්වලින් අස්‌ නොවී භාරකාර ආණ්‌ඩුවක්‌ යටතේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩුවක්‌ බිහි කිරීම පිළිබඳව හැකියාවක්‌ තිබෙන බවද මන්ත්‍රිවරයා කීවේය.

අගමැතිවරයා ප්‍රමුඛ එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රිවරුන් ඉවත් කර භාරකාර ආණ්‌ඩුවක්‌ සෑදීමට අවස්‌ථාව ඇති බවත් එහිදී දෙපාර්ශ්වයේ කැමැත්ත පරිදි පොදුජන එක්‌සත් පෙරමුණ යටතේ ඕනෑම අයකු අගමැති කිරීමට හැකි බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

අගමැති ප්‍රමුඛ එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රිවරු ආණ්‌ඩුවෙන් ඉවත් කිරීම සහ රටේ ජාතික සම්පත් විකිණීම නැවැත්වීම, රණවිරු දඩයම නැවැත්වීම, ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම, පෞද්ගලික පළිගැනීම් නැවැත්වීම, ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන නොඒම, අධික බදු බර ලිහිල් කිරීම, කෘෂිකර්මාන්තය ආරක්‍ෂා කිරීම වැනි කොන්දේසිවලට එකඟතාව දක්‌වන්නේ නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩුවක්‌ බිහි කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය සහයෝගය ලබා දිය හැකි බවද රණතුංග මහතා පැවසීය.

– දිවයින

Related posts

අපනයනකරුවන්ගේ අපහසුතාවයන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක්

colombotoday

ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළට… පළමු කිලෝමීටරයට රුපියල් 80ක්

colombotoday

ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම ගැන කරුණු විමසයි

colombotoday

අභාවප්‍රාප්ත ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරාගේ අවසන් කටයුතු ජූනි 3 වන දා සිදු කෙරේ

colombotoday

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 33 දෙනෙකුට මිනීමැරුම් චෝදනා – ඇමති සරත් වීරසේකර කියයි

colombotoday

“ඇඹිලිපිටිය ASP ප්‍රසන්නව බිමට තල්ලු කළේ මගේ දෑස් ඉදිරිපිටදීමයි” – මියගිය ප්‍රසන්නගේ බිරිද හැඬූ කඳුළින් කියන කතාව

colombotoday