ගෝල්ෆේස් ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවය සඳහා නායකත්වය ලබා දීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පැමිණෙන බවට සිදුකර ඇතැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් “මෝටිවේෂන් අප්පච්චි” යනුවෙන් හඳුන්වන තැනැත්තෙකු විසින් සිදුකල ප්‍රකාශයක් අන්තර්ජාල මධ්‍යයේ සංසරණය වෙමින් පවතී.
“උඹලගේ නායකත්වය අපිට අවශ්‍ය නෑ. මෙතැන උඹලගේ සෙට් එකක් ඉන්නවනම් නායකත්වය දීපල්ලා. මෙතැන ඉන්න උන්ට කිසිම පක්ෂයක එකෙක් නායකත්වය දෙන්න එන්න එපා. උඹලා උඹලගේ පක්ෂ රැක ගනිල්ලා. උඹලගේ පක්ෂවලට නායකත්වය දීපල්ලා. මෙතැන ඉන්න වුන්ට උඹලගේ නායකත්වය අදාළ නෑ”
යනුවෙන් සඳහන් කළ “මෝටිවේෂන් අප්පච්චි” නැමැත්තා පොලීසිය සමග ගැටුම් හදා ගැනීමට සිදුකල උත්සහයක් පිළිබඳවද කරුණු සඳහන් කර ඇත.