Business

කිරිපිටි පැකට් වල මිල වැඩි කළා සේම දියර කිරි ලිටරයක මිලත් රු 20 කින් ඉහල දමන ලෙස කිරි ගොවියන් ඉල්ලයි.

දේශිය නිෂ්පාදිත කිරිපිටි පැකට්ටුවක මිල රු 90 කින් ඉහල දැමුවේ නම් දේශිය කිරි ගොවින් ලබාදෙන දියර කිරි ලිටරයක මිල රු 20 කින් ඉහල දමන ලෙස නුවරඑලිය දිස්ත්‍රික්කයේ කිරි ගොවින් අදාල කිරි සමාගම් වෙතින් ඉල්ලා සිටියි.

දැනට තමන් කිරි සමාගම් වෙත ලබාදෙන දියර කිරි ලිටරයක් සදහා රු 80 ක මුදලක් ගෙවන බවත්,සත්ව ආහාර මිල ඉහල යාම හමුවේ තම කර්මාන්තය සිදුකරගෙන යනු ලබන්නේ දැඩි ගැටළු රැසක් මැද බවත්,ඒ අනුව තමන්ට දියර කිරි ලිටරයක මිල රු 7 ක් දක්වා වැඩිකරදෙන ලෙස මාධ්‍ය මගින් දේශිය කිරි සමාගම් විසින් දැනුම් දුන් බවයි නුවරඑලිය දිස්ත්‍රික්කයේ කිරි ගොවින් කියා සිටින්නේ.

දේශිය කිරිපිටි පැකට්ටුවක මිල රු 90 කින් වැඩි කලේ නම් තමන් ලබාදෙන දියර කිරි ලිටරයක මිල රු 20 කින් හෝ ඊට ආසන්න මුදලකට වැඩි කරදෙන ලෙස කිරි ගොවින් අදාල කිරි සමාගම් වෙතින් ඉල්ලා සිටියි.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

චීනයෙන්, බංගලාදේශයෙන්, ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 215 ක හදිසි ණයක්

colombotoday

ඉතිහාසයේ ඩොලරයක වැඩිම විකුණුම් මිල අද

colombotoday

සතොසෙ නරක්වූ හාල් ඇමතිගෙ මිතුරන්ට – මිතුරන්ගෙන් වෙළදපොලට

colombotoday

නොවැම්බර් මාසයේදී උද්ධමනය අඩු වෙයි

Admin

ප්‍රමිතියෙන් තොර කොත්තමල්ලි ගෙන්දගම් දමා වෙළෙඳපොළට දෙන කල්මුණේ ජාවාරම

colombotoday

ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

colombotoday