Colombo Today Local News

ගල්කිස්සේ දැරිය ලිංගික කටයුතු සඳහා මිලටගත් මිහින්තලේ ප්‍රාදේශීය සභා උප සභාපති ත් අත්අඩංගුවට

දැරියක් ලිංගික කටයුතු සඳහා මිලටගත් මිහින්තලේ ප්‍රාදේශීය සභා උප සභාපති අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, වැඩ බලන නියෝජ්‍ය ජේෂ්ඨ පොලිස්පති අජිත් රෝහණ මහතා අද (1) පැවසීය.

ගල්කිස්ස ප්‍රදේශයේ වයස අවුරුදු 15 ක පමණ මෙම දැරිය අන්තර්ජාලය ඔස්සේ අලෙවි කර ඇති අතර ඇයව අලෙවි කිරීමට සම්බන්ධ පුද්ගලයන් 15 දෙනෙකු 18 දෙනෙක් ඊයේ වන විට අත්අඩංගුවට ගෙන තිබු අතර ඊයේ (30) රාත්‍රියේ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර චිවරධාරියෙකු ද සිටි අතර මෙලෙස දැරියව මිලදී ගත් තවත් පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බවත් ඔවුන්ට විරුද්ධව ස්ත්‍රී දුෂණ චෝදනා ගොනු කරන බවත් අජිත් රෝහණ මහතා පැවසීය.

ශ්‍රී ලංකා නීතියට අනුව වයස අවුරුදු 16ට අඩු අය සමග ලිංගිකව හැසිරීම වරදක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Related posts

කන්දකාඩු පොකුරේ කිසිසේත්ම දෙවැනි රැල්ලක් නෑ..

colombotoday

දිගුකාලීන මිතුරා ඇමති චම්පික ගැන අප්‍රසන්න රහසක් හෙළි කරයි (Video)

colombotoday

‘සේනා’ මර්දනයට පරපෝෂිතයෙක්

Admin

සමාජ මාධ්‍ය, වෙබ් අඩවි ඔස්සේ අසත්‍ය හා අපහාසාත්මක තොරතුරු පළකලොත් වැඩ වරදී – කැබිනට් තීරණය මෙන්න

colombotoday

මාවුස්සාකැලේ හා කාසල්රි ජලාශ පිටාර මට්ටමට

colombotoday

පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 17.5 ට නගී

colombotoday