Colombo Today Local News

හිමිනමගෙන් කෝටි 2ක් ඉල්ලා පුත්තලම දිසා ලේකම් එන්තරවාසියක් යවලා

සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගෙන තමන්ට විරුද්ධව වැරැදි තොරතුරු සමාජ ගත කිරීම මගින් සිදුවී ඇති අපහාසයට සහ පීඩාවට වන්දි ලෙස රුපියල් ලක්ෂ 200ක මුදලක් ගෙවන ලෙස පුත්තලම දිසා ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර නීතිඥයකු මගින් ස්වාමීන් වහන්සේ නමකට එන්තර වාසියක් යවා ඇත.

නීතිඥවරයා මෙම එන්තරවාසිය යවා ඇත්තේ මාම්පූරිය – දළුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන මිගෙට්ටුවත්තේ සුමිත්ත නම් ස්වාමීන් වහන්සේටය.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට නිසි පටිපාටියකින් තොරව රජයේ ඉඩම් ලබා දීමට සුදානම් වන බව සහ සෙල්ලන්කන්දල් රක්ෂිතය වැනසීමට දිසා ලේකම්වරයා කටයුතු කරන බව සඳහන් කරමින් ඡායාරූපද සහිතව පසුගිය නොවැම්බර් මස 8 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මුහුණු පොතෙන් මෙම ප්‍රචාරයන් කර ඇතැයි නීතිඥවරයා එම ස්වාමින් වහන්සේට යවා ඇති එන්තරවාසි​යේ සඳහන් වේ.

කීර්තිමත් රාජ්‍ය සේවකයකු වන තම සේවාදායකයාට මේ මගින් අපහාසයකට, අපහසුතාවට මෙන්ම ලජ්ජාවට පත්වීමට සිදුව ඇති බවද ඒ අනුව සිදුවී ඇති හානිය වෙනුවෙන් දින 14 ක් ඇතුළත රුපියල් ලක්ෂ 200 ක මුදලක් ගෙවීමට අපොහොසත් වුවහොත් නීති මගින් කටයුතු කරන බවද නීතිඥවරයා එහි සඳහන් කර ඇත.

Related posts

“ජල ගාස්තු ඉහළ දමනවා.. විරෝධතා දක්වන්න ලෑස්ති වෙන්න එපා“ – හකීම්

colombotoday

පිටරටින් හොයන තුරු නොසිට, කොරෝනා වෛරසයට අපේ ක්‍රමයට ප්‍රතිකාර හොයන්නැයි ජනපතිගෙන් උපදෙස් !

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් කළකිරීමෙන්.. ඉවත්වෙන්න සූදානම් !

colombotoday

මෛත්‍රීගේ සභාපති තනතුරට මරණාධාර සමිතියක සභාපති තනතුර තරම්වත් බලය නෑ !

colombotoday

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය අසත්‍ය කරුණු මත පදනම් වූ එකක් – රුසියානු ජනපති පුටින්

colombotoday

තත්වය පාලනයට තරුණ නීතිඥවරුන්ගේ සංගමයෙන් යෝජනා 6 ක්

colombotoday