Colombo Today Local News

MCC ගිවිසුම ගැන ජනතා අදහස් සැලකිල්ලට ගත යුතුයි – ජනපති ඇමරිකාවට කියයි

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රි ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රාජ්‍යයන් බැවින් සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුම (MCC) සම්බන්ධ ඉදිරි කටයුතුවලදී දෙරටේම ජනතා අභිලාෂයන් සැලකිල්ලට ගතයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අදාළ යෝජනාවලිය මේ වන විට විද්වත් මඩුල්ලක් විසින් අධ්‍යයනය කරමින් සිටින බවද ජනාධිපතිවරයා අද (14දා) පස්වරුවේ දකුණ හා මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් මහත්මිය සමග පැවති සාකච්ඡාවේ දී සඳහන් කළේය.

සහශ්‍රක අභියෝගතා සංස්ථා ගිවිසුම සෙසු රටවල ක්‍රියාත්මක කළ ආකාරය සහ අත්දැකීම් පිළිබඳ විද්වත් මණ්ඩලයේ විශේෂ අවධානයට ලක්ව ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

වේගවත් ආර්ථික වර්ධනයක් සමගින් දුගී බව තුරන් කෙරුණු රාජ්‍යයක් ගොඩනැගීම තම රජයේ ප්‍රමුඛ අරමුණයි. විදෙස් ආයෝජන අවස්ථා දිරි ගැන්වීමට සරල බදු ක්‍රමයක් සහ අවශ්‍ය පහසුකම් සැපයෙන ව්‍යාපාරික පසුබිමක් රට තුළ සකසා ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අධ්‍යාපන, කෘෂිකර්ම, සංචාරක සහ තාක්ෂණය පදනම් කරගත් කර්මාන්ත සංවර්ධනය කිරීම ඉලක්ක කරගත් ප්‍රධාන ක්ෂේත්‍ර අතරින් කිහිපයකි. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය මෙරට ඇගළුම් කර්මාන්තයේ ප්‍රධානතම ගැණුම්කරු වේ. එමෙන්ම ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණය පාදක කරගත් ක්ෂේත්‍ර සංවර්ධනයට ද සූදානම්ව සිටින හෙයින් තාක්ෂණය මූලික කරගත් කර්මාන්තවල ආයෝජනය සදහා තමා ඇමරිකා එක්සත් ජනපදයට ඇරයුම් කරන  බවද ජනාධිපතිවරයා  සහකාර රාජ්‍ය ලේකම්වරිය සමග පැවසීය.

Related posts

ඉන්ධන පිරවුම්හලක ආරව්ලක් යතුරුපැදිකරුවෙකුට මරු කැඳවයි

colombotoday

ජපානයේදී උදයංග හමුවූ නි.ඇමති අරුන්දිකට වැඩ වරදී.. FCID යන්න වෙයි !

colombotoday

විවාහ, දික්කසාද නීති වෙනස් කිරීම සඳහා කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

colombotoday

155කගෙන් යුත් 6වන යුක්රේන සංචාරක කණ්ඩායමත් දිවයිනට

colombotoday

පාර්ලිමේන්තුවේ දෙවැනි පුටුවට මුජිබර් රහුමාන් ?

colombotoday

අගමැති හරිනිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

Admin