Colombo Today Local Newsfeatured

MCC ගිවිසුම අත්සන් කරන්නේ නෑ. ගම්මන්පිල කියද්දී ඇමරිකාව එක්ක අත්සන් කල ගිවිසුම් එහෙම ඉරන්න බෑ. අලි සබ්‍රි කියයි

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සිටින ආණ්ඩුවක MCC ගිවිසුම කිසිසේත් අත්සන් කරන්නේ නැති බව අද (30) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අපේක්ෂක උදය ගම්මන්පිල මහතා පැවසීය.

කෙසේ වෙතත් සිරස නිව්ස් ෆස්ට් වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් අලි සබ්‍රි ඊට පරස්පර අදහසක් පල කර තිබෙනවා.

“විවිද සාමාජිකයෝ ඉන්නවා ඒ ගොල්ලෝ එක එක ඒවා කියනවා. හැමෝම කියන දේ අපිට කරන්න බෑ. නමුත් වෙනත් රජයක් සමග අත්සන් කල ගිවිසුමක්.. ඇමරිකානු රජය සමග අත්සන් කල ගිවිසුමක් එහෙම ඉරා දාන්න බෑ. අපි ඒ පිළිබඳව අධ්‍යනය කරනවා. ඒ වගේම අපි ඒක අත්සන් කරලත් නෑ. ඒක තේරුම් ගන්න ඕනි. අපිට දැන් ශක්තිමත් රජයක් නෑ. පාර්ලිමේන්තුවේ බහුතරය විපක්ෂයට තමයි තියෙන්නේ. ඒ නිසා අපි කමිටුවක් පත් කරලා අධ්‍යනය කළා. දැන් අමාත්‍යමණ්ඩල අනුකමිටුවක් පත් කරලා තියෙන්නේ. අදම ඉරන්න ඕනි කියලා මොකද්ද අපිට තියෙන හදිස්සිය? ඒ ගැන බලලා රටට අහිතකර දේවල් ඉරා දමනවා. රටට හිතකර දේවල් තිබෙනවානම් සාකච්චා කරලා තීරණය කරන්න අවශ්‍යයි. හදිස්සි වෙලා තීරණ ගන්න බෑ. මේකේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිවිපාක තිබෙනවා.” යැයි මොහොමඩ් අලි සබ්‍රි පවසා ඇත.

Related posts

තවුහිද් ජමාද් සංවිධානයේ දේශන පැවැත්වු ගම්පොල නිවසක් වටලයි

colombotoday

පාස්කු ප්‍රහාරයේ මුලික අයිතිවාසිකම් පෙස්සම් තීන්දුව හෙට

Admin

රන්ජන් ඇමරිකාවේ බැංකුවකට පොලු තියලා… අත්අඩංගුවට ගතයුතු පුද්ගලයෙකු යැයි නම් කරයි

colombotoday

එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ – අමිල හිමි

colombotoday

යෝජිත විදුලි බල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය

Admin

Video – හිරුණිකාව නීතියට උඩින් තබා ගැනීම යහපාලනය නම් වේ – ගම්මන්පිල

colombotoday