Colombo Today Local News

MCC ගිවිසුම ගැන අවසන් තීරණය නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

ශ්‍රී ලංකා රජය හා අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් අතර අත්සන් කිරීමට සැලසුම් කර තිබූ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම (MCC) අත්සන් නොකිරීමට රජය ස්ථිර වශයෙන්ම තීරණය කර ඇතැයි, නීතිපතිවරයා අද(22)දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ෆර්සානා ජමිල් මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ, සෝෆා ගිවිසුම හෙවත් හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම සම්බන්ධයෙන් රජය මේ දක්වා ස්ථිර තීරණයක් ගෙන නොමැති බවය.

ඇස්ට්‍රා හෙවත් අන්තර් සේවා සැපයීමේ ගිවිසුම මේ වනවිට රජය අත්සන් කර ඇති බැවින්, එය ඉදිරියටත් පවත්වා ගෙන යෑමට නියමිත බව ද ඇය වැඩිදුරටත් දැනුම් දුන්නාය.

අතිරේක සොලිස්ටර් ජනරාල්වරිය දැනුම් දුන්නේ, එම ගිවිසුම් 3 අත්සන් කළහොත් රජයේ ස්වෛරිභාවයට හා ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් විය හැකි බැවින් ඒවා අත්සන් කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා පූජ්‍ය අඟුණුගල්ලේ ජිනාන්ද හිමියන් නීතිඥ දර්ශන වේරදුවගේ සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදීය.

පී.පද්මන් සුරසේන, ගාමිණි අමරසේකර සහ ඒ.එච්.එම්.ඩි නවාස් යන විනිසුරු මඩුල්ල හමුවේ අද එම පෙත්සම් කැඳවනු ලැබුවේය.

ඒ සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයේ ස්ථාවරය අධිකරණයට දැනුම්දීම සඳහා ලබන ජුලි 12 වැනිදා යළි කැදවීමට ද විනිසුරු මඩුල්ල දින නියම කළේය.

Related posts

සමන්ත විද්‍යාරත්න හා නාමල් කරුණාරත්න අත්අඩංගුවට

colombotoday

මංගලගේ විකෘතිය ගැන රනිල්ගේ සමීපතමයෙක් පැහැදිළි කරයි !!

colombotoday

වරාය මෙහෙයුම් කටයුතු වලට ඩිජිටල් සන්නිවේදන පද්ධතියක්

Admin

බොහෝ ආයතන සෞඛ්‍ය නීති රැකීම මට්ටමක නැහැ. වගකීම් විරහිතව කටයුතු කලොත් සැර කොරෝනා ප්‍රභේද බිහි වෙයි

colombotoday

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයට තර්ජන.. සභාපතිගේ නිවසට නාදුනන අයෙක් කඩාපනී !

colombotoday

අපි පාර්ලිමේන්තුවෙන් කෑම නොකන බවක් කිවුවේ නෑ

Admin