Colombo Today Local News

ජමයතුල් උලමා සභාව මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවට අභියෝග කරයි. – වසා දැමීමට නියෝග කල මත්තබ් මද්‍රසා දිගටම පවත්වාගෙන යයි.

ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශ මත, “මත්තබ් මද්‍රසා” පවත්වාගෙන යාම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දමන ලෙස මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් නියෝගය කුණු කූඩයට දමමින් තවදුරටත් “මත්තබ් මද්‍රසා” පවත්වාගෙන යාමට සමස්ත ලංකා ජමයතුල් උලමා සභාව ක්‍රියා කරමින් සිටින බව වාර්තා වෙනවා.

මද්‍රසා පාසල් තුල ඉස්ලාම් අන්තවාදී අදහස් දරුවන්ට ඉගැන්වීම පිළිබඳව පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ඉදිරිපත් වීමෙන් අනතරුව එම කොමිෂන් සභාව විසින් මද්‍රසා නියාමනය කරන ලෙසට ලබා දුන් නිර්දේශ මත, එය ජාතික ආරක්ෂාවට සෘජුව බලපාන කරුණක් බැවින් නිසි ක්‍රමවේදයක් සකසන තුරු දැනට පවත්වාගෙන යන මද්‍රසා නවතා දමන ලෙසට ආරක්ෂක අමාතංශය විසින් මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

ඒ අනුව මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව විසින් මීට මාස ගණනාවකට ඉහතදී සමස්ත ලංකා ජමයතුල් උලමා සභාව විසින් පවත්වාගෙන යන “මත්තබ් මද්‍රසා” වහාම නවතා දමන ලෙසට දන්වා ඇත.

කෙසේවෙතත් අදාළ නියෝගය ඉවත දමමින් සමස්ත ලංකා ජමයතුල් උලමා සභාව විසින් “මත්තබ් මද්‍රසා” නීතිවිරෝධී ලෙස තවමත් පවත්වාගෙන යයි. ඉස්ලාම් වියතුන් ලෙස තමන්ව හඳුන්වා ගන්නා උලමා සභාව රජයේ නියෝග පවා පිළිනොගනමින් අත්තනෝමතිකව ක්‍රියා කිරීම සම්ප්‍රධායික ඉස්ලාම් සමාජයේ පවා පිළිකුලට පත්ව ඇත.

Related posts

කිංග්ස්බරී ප්‍රහාරකයාගේ හෙළිවු රහස්

colombotoday

දුෂිත විදුලි නියාමන කොමිෂන් සභාව ගැන සොයා බලන්න – පාරිභෝගිකයන් සුරැකීමේ ව්‍යාපාරය

colombotoday

රනිල්ට සහාය පළකළ යෝජනාව පිළිගන්නේ නෑ – කෙහෙළිය

colombotoday

කොමිෂන් සභා සාමාජිකයන් පත් කිරීම මේ සතියේ අවසන්

Admin

වවුනියාවේ උපන්දින සාදයේ දී පහරකෑමකට ලක්ව මියගිය තරුණියගේ සැමියාත් මරුට

Admin

අදත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin