Colombo Today Local News

ජනපති වැය ශීර්ෂය පරාජය කිරීමට එජාප පසුපෙළ මන්ත්‍රීන්ගේ තීරණයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වත්මන් ක්‍රියා කලාපය සැලකිල්ලට ගනිමින් ඉදිරි අයවැයේදී ඒ මහතාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.

කෙසේ වෙතත් අදාළ තීරණය සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ.

ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටියේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට තම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණයක් ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් කොළඹ පැවැති තවත් උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකදී කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට එරෙහිව ඡන්දය ලබාදීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බවයි.

Related posts

රුපියල බාල්දු වීම නිසා විදෙස් ණය බිලියන 800කින් ඉහළට…

colombotoday

මහර ගැටුම : රැඳවියන්ගේ සිරුරු ආදාහනයට නියෝග

colombotoday

අලුත් ව්‍යවස්තාවට ජනමතවිචාරණයක්.. දෙමළ, මුස්ලිම් දැනටමත් කැමතියි.. සිංහලයන් කැමති කරගන්නවා

colombotoday

ජනමතවිචාරණයකට ගියොත් පරාදයි.. නව ව්‍යවස්ථාවට ශ්‍රීලනිපයෙන් රතු එළියක් !

colombotoday

පාචනය සහ අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

Admin

ජනාධිපතිවරණයේදී පොහොට්ටුවෙන් පොදු අපේක්ෂකයෙක්

Admin