Colombo Today Local News

ජනතාව වෙනුවෙන් වැඩකිරීම නිසා ඉල්ලා අස්වූ මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න

බොහෝ විට රජයේ ඉහල තනතුරු සඳහා පත්කෙරෙන පුද්ගලයන් නිසි පරිදි වැඩ නොකිරීම සම්බන්දව චෝදනා එල්ලවෙන නමුත් වැඩ කිරීම ප්‍රශ්නයක් වෙන අවස්ථා ඇසීමට නොලැබෙන තරම්ය.

නමුත් එවැනි අවස්ථාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න සම්බන්ධයෙන් උද්ගතව ඇත. පසුගිය මහා මැතිවරණයෙන් පරාජයට පත්ව, පසුව ජනාධිපතිවරයා විසින් ජාතික ලැයිස්තුවෙන් යලි පාර්ලිමේන්තුවට පත්කර එවූ එස්.බී දිසානායක තමාව නොසලකා හැර ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න පළාතේ සංවර්ධන වැඩ කරන බවත් ඒ හේතුවෙන් මෙවරද තමා පරාජය වීමට ඉඩ ඇති බවට ජනාධිපතිවරයා හමුවී මැසිවිලි නගා ඇත.

දශක දෙකකට අසන්න කාලයක් මධ්‍යම පළාත්සභාව නියෝජනය කරන හිටපු මහ ඇමති සරත් ඒකනායක ද ජනාධිපතිවරයාට දුක් අන්දොනාවක් ඉදිරිපත් කර ඇත. වසර ගණනාවක් පළාත නියෝජනය කරන මෙම දේශපාලකයන් නොකළ වැඩ කොටසක් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මාස කිහිපයකදී ඉටු කරනු ලැබීය.

ඔහුගේ කාර්යක්ෂම බව ඉතා ඉහලය. ජනතා ගැටළු ක්ෂණයෙන් විසඳා දීමේ පෞර්ශවත්වයක් ඔහුට හිමි බව පළාතේ ජනතාව් පවසන සත්‍ය කරුණකි.

එය එසේ උවත් පළාතේ පක්ෂ විපක්ෂ දේශපාලකයන් සියල්ල ඔහුව ආණ්ඩුකාරධූරයෙන් පන්නා දැමීමට දිවා රෑ නොබලා මහන්සි විය.

Related posts

“පනතට අත තියනු එපා“ මහ නාහිමියන්ගෙන් සැරට අහගෙන බුද්ධ ශාසන ඇමති ආපසු හැරෙයි

colombotoday

වැලිමඩ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 5000ක් මාසිකව ඩුබායි යැවීම අරඹයි

Admin

පුද්ගලයෙකු ඝාතනය කළ සිව්දෙනෙකුට මරණ දඬුවම

Admin

මර්වින් සිල්වා සඳුදා ජාතිය අමතයි.. අති විශේෂ ප්‍රකාශයක් කරන්න යයි

colombotoday

බස් මගීන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න BAD BUS

colombotoday

කොළඹ සරසවිය නමින් ග‍්‍රහකයක්

colombotoday