Colombo Today Local News

ජනපතිට-අගමැතිට ඇති ලොකුම ප්‍රශ්නය මෙන්න…!

වාහනේ සුක්කානම තියෙන්නේ මෛත්‍රීගෙ අතේ වුණත් බ්‍රේක් එකයි ඇක්සලේටර් එකයි තියෙන්නේ රනිල්ගෙ අතේ“ යැයි ජවිපෙ ඌව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“හරියට මී හරකයි එළ හරකයි ඈඳුවා වගේ. දෙන්න දෙපැත්තට යන්නේ. ඉස්සරහට යන්න බැහැ. හතරගාතෙන් වැටුණු ආණ්ඩුව හතර පාරක් කැබිනට් එක සංශෝධනය කළා“ යැයි ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති රැස්වීමකදී මන්ත්‍රිවරයා මේ බව පැවසී ය.

සමන්ත විද්‍යාරත්න මහතා එහිදී මෙසේද කීය.

“අපේ රටේ මේ වගේ මහජන මුදල් බොහෝවිට කාබාසිනියා වෙනවා. වංචා වෙනවා. මහජන මුදල් අල්ලස් ලෙස ගන්න ගිහින් ලොකු ලොකු අයත් ළඟදී අහුවුණා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා නෝනාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ කාර්ය මණ්ඩල ප්‍රධානී, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා පත්කරගත්ත මහ බැංකු ප්‍රධානියා මේ හැමෝම මුදල් වංචාවලට අහුවුණා. ඒ විදියට බලනවිට ලංකාවෙ ලොකුම හොරු ඉන්නේ රටේ දේශපාලන ප්‍රධානීන් ළඟයි. මේ ජරාජීර්ණ දේශපාලන ක්‍රමය තිබියදී මේ රට හදන්න බැහැ. මේක වෙනස් කරන්න ඕනෑ.“

“අද රනිල්ට – මෛත්‍රිට තිබෙන්නේ රටේ ප්‍රශ්න නොවේ. ඒ අය තමන්ගේ නායකකම් බේරගන්න ලොකු අර්බුදයක පැටලිලා. තත්ත්වය වෙනස් කරන්න නම් මේ අවුරුදු 70ක දේශපාලන ගමන්මඟ වෙනස් කරන්න ඕනෑ. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ අපට බලය දෙන්න.“ යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

Related posts

කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේදී වෛද්‍ය සංගම් නිශ්ශබ්දව සිට මාධ්‍යයට කතා කිරීම ප්‍රහේලිකාවක්

colombotoday

බොරැල්ලේ ජය අනුරට

Admin

“රට එක තැන නැවතිලා“ – අගමැති

colombotoday

ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කරයි.. කැරළි මර්ධනය කැදවයි.. හමුදා බලඇණි සීරුවෙන්

colombotoday

ජනපතිගේ ප්‍රකාශය හරියටම හරි.. ගෝඨා, හමුදාපතිවරුන් උසාවියට කුදලන් යෑම බරපතල වරදක් !

colombotoday

වසර 40 කට පෙර පෞද්ගලීකරණය කළ පේෂකර්ම ආයතනවල සේවකයන්ට මාසික දීමනාවක්.

colombotoday