Colombo Today Local News

ජනපති ශ්‍රීලනිපයේ ඇමැතිවරුන් කැඳවයි… හදිසි තීරණ ගැනීමේ සූදානමක් !

එළැඹිය හැකි නියං තත්ත්වයට රජයක් ලෙස මුහුණදෙමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අමාත්‍යාංශ මට්ටමේ සූදානම පිළිබඳ විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (18) ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

පීඩාවන් අවම කර ගනිමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීමේදී හදිසි තීරණ ගැනීම සඳහා විදුලිබල අමාත්‍යාංශයේ, මහවැලි අමාත්‍යාංශයේ සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට ද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එමෙන්ම නියං තත්ත්වයට මුහුණදීම සඳහා ඒ ඒ අමාත්‍යාංශ මගින් දැනට කි‍්‍රයාත්මක කරන සහ ඉදිරියේදී සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර අපගේ ජල මුලාශ‍්‍ර ආරක්ෂා කර ගනිමින් මෙවන් තත්ත්වයන් අවම කරගැනිම සඳහා ගතයුතු පියවරයන් පිළිබඳව ද සාකච්ඡාවට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

දැනට සිඳී ඇති වැව් ප‍්‍රතිසංස්කරණ කිරීම සඳහා වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන ලෙස ද උපදෙස් දුන් ජනාධිපතිවරයා ජල සම්පත අරපිරිමැස්මෙන් භාවිතා කරමින් එය සුරැකීම සඳහා සියලූ ජනතාවට පුළුල් අවබෝධයක් ලබාදීමේ වැඩසටහනක අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ලසන්ත අලගියවන්න යන මහත්වරුන්වරුන් ද අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුලු නිළධාරින් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට සහල් සඳහා උපරිම මිලක්

colombotoday

දින පහකට කොළඹ කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වහයි

colombotoday

චන්දිමාල්ගේ රියදුරාට 12500 ක් දඩ

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකයකු ලෙස පෙනී සිට නිරෝධායන නිවෙස්වලට ගිය අයෙක් අත්අඩංගුවට

colombotoday

ආණ්ඩුව ගැන විග්නේෂ්වරන් අවංකව සතුටු වෙනවාලු

colombotoday

දිස්ත්‍රික්ක 10ක ග්‍රාම නිලධාරී වසම් 70ක් අද හුදකලා කෙරේ

colombotoday