Colombo Today Local Newsfeatured

ජාතියකට විශේෂ උවමනා ඉටුකරන වෙලාවක් නෙවෙයි මේක. හිතන්න ඕනි ජිවත් වෙන අය ගැනයි. වැලලෙන්න හදන අයට අගමැතිගෙන් පිළිතුරු

මේක ජාතියකට විශේෂ උවමනා ඉටුකරන වෙලාවක් නොවන බවත්, අපි හිතන්න ඕනි ජිවත් වෙන අය ගැන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ( 07දා ) රාත්‍රි ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ….

“සියලුම දේශපාලන පක්ෂ නායකයෝ රජයට සහය දෙන්න ඉදිරිපත්වුන මොහොතක් මේ. මේ ආගමික ජාතික වශයෙන් බෙදී වෙන්වී හිතන වෙලාවක් නෙවෙයි. අපිට මේ වෙලාවේ ඉන්න පුළුවන් එක හතුරෙක් විතරයි. ඒ කොරෝනා කියන හතුරා විතරයි. අපි මොන ආගමේ උනත්, මොන ජාතියේ උනත් මෙන්න මේ සත්‍ය අපි සියලු දෙනාම තේරුම් ගන්න ඕනි.”

“දැන් බලන්න මහනායක හාමුදුරුවරු ඉල්ලීමක් කළා. මේ බක් පොහොයට පන්සල් එන්න එපා කියලා. මිනිසු ගැන මොනතරම් ආදරයක් කරුණාවක් ද මේ ප්‍රකාශයේ තියෙන්නේ. ඒ නිසා අපි හිතන්න ඕනි ජිවත් වෙන අය ගැනයි. මේක ආගමකට ජාතියකට විශේෂ උවමනා චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන වෙලාවක් නෙවෙයි. මේක රට ගැන හිතන වෙලාවක්. පොදුවේ මනුෂ්‍යන් විදිහට හිතුවොත් විතරයි අපට මේ මිනී වලෙන් එහාට පනින්න පුළුවන් වෙන්නේ.”

Related posts

වනඅලියෙකු පහරදීමෙන් තිදරු පියෙක් මරුට

colombotoday

“බීමත්ව දිය නාන්න එපා” උපදේශයට පොහොට්ටු මන්ත්‍රීට තඩිබායි

colombotoday

ඉදිරි ජයග්‍රහණ සිහිනයක්ම කරමින් තිසර පෙරේරාත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

colombotoday

පිටරටින් හොයන තුරු නොසිට, කොරෝනා වෛරසයට අපේ ක්‍රමයට ප්‍රතිකාර හොයන්නැයි ජනපතිගෙන් උපදෙස් !

colombotoday

හිටපු ජනපතිගේ ලිපියට පුටින්ගෙන් පිළිතුරක්

colombotoday

ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් අද පිහිටුවයි

Admin