විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමේ යෝජනාව සම්මත කර ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ සහය අවශ්‍යනම් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කළ දිනයේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට දැනුම්දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඊයේ (17දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීමේ සූදානමක් නොමැතිනම් ඒකාබද්ධ විපක්ෂයේ සහය බලාපොරොත්තු නොවන ලෙස හිටපු ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළ බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.