Colombo Today Local News

CIDය හිටපු ජනපතිගෙන් කට උත්තරයක් ඉල්ලයි…

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් කට උත්තරයක්‌ ගැනීමට යයි.

නොබෝ දිනකින් මෙම කට උත්තරය ලබා ගැනීමට නියමිතව ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිsටියේය.

කීත් නොයාර් මහතා පැහැරගැනීම සම්බන්ධයෙන් කට උත්තරයක්‌ ලබා ගැනීමට දිනයක්‌ ලබා දෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස්‌ අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතාගෙන්ද මීට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබිණි.

එහිදී හෙළි වූ වැදගත් තොරතුරු කීපයක්‌ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් කට උත්තරයක්‌ ලබා ගැනීමට නියමිත බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචිමාර්ග කියා සිටියි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතාගෙන් ප්‍රශ්න කිරීමේදී ඒ මහතා ප්‍රකාශ කර තිබුණේ කීත් නොයාර් පැහැර ගැනීම පිළිබඳව මුලින්ම තොරතුරු ලැබුණේ තමාට බවත් ඒ මොහොතේම එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කථාකර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කළ බවත්ය.

දිවයින

Related posts

බුත්තල පොලොව සෙලවීම භූකම්පන මාන හතරෙහිම සටහන් වෙයි

Admin

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක්

Admin

ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට කතානායකගේ අත්සන

colombotoday

ලෝක වෙළද පොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහතට. – ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු කරන්නැයි ඉල්ලීමක්.

colombotoday

අප්‍රේල් මාසයේදී ඉන්දීය ජාතිකයන් 822ක් ලංකාවට ඇවිල්ලා.

colombotoday

(Video) සිරස රනිල්, මහෙන්ද්‍රන් දෙමිතුරන්ගේ සළුපිළි ලිහා පෙන්වයි

colombotoday