Colombo Today Local News

ඉන්දියාවේ සහයෙන් පළාත් සභා අහෝසි කරන්න දෙන්නේ නැ. උතුරු නැගෙනහිරට තනි පාලන බලයක් ඕනි. | සුමන්තිරන් කියයි.

පළාත් සභා ක‍්‍රමය අහෝසි කිරීමට දෙමළ ජාතික සන්ධානය ඉඩ නොතබන බවත් දෙමළ ජනයාගේ ප‍්‍රශ්නය විසඳීමට ප‍්‍රායෝගික නොවන වත්මන් පළාත් සභා ව්‍යුහය ඒ අයුරින්ම පිළිගැනීමට ඔවුන් සූදානම් නොමැති බවත් දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් මහතා පෙරේදා (15) යාපනයේදී පැවසීය.

යාපනයේ වඩමරච්චි ප‍්‍රදේශයේ පිහිටි ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂ කාර්යාලය ඉදිරිපිට පැවැති පූජාවකට සහභාගී වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

‘‘දැන් පළාත් සභා මැතිවරණය පවත්වනවාද නැද්ද කියන කාරණය ගැන මේ දවස්වල විශාල කඹ ඇදිල්ලක් තියනවා. භික්ෂූන් වහන්සේලා මේකට විරුද්ධව කතා කරනවා. රජය පළාත් සභා මැතිවරණය ගැන විවිධ කතා කියනවා. අපි කියන්නේ එකම එක කාරණයයි. මේ රජයට නෙමෙයි කිසිම රජයකට පළාත් සභා ක‍්‍රමය අහෝසි කරන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. ඉන්දියාවේ පූර්ණ සහය ලබා ගෙන අපි ඒ ක‍්‍රියාව වළක්වනවා.”

“නමුත් දෙමළ ප‍්‍රශ්නය විසඳීමට කියලා ඉදිරිපත් වෙලා තියන මේ වත්මන් පළාත් සභා ක‍්‍රමයේ ව්‍යුහයටත් අපි ඒ ආකාරයෙන්ම එකඟ වන්නේ නැහැ. අපි දෙමළ ජාතික සන්ධානය ජනතාවට සේවය කරන පක්ෂයක් විදිහට ඉල්ලා සිටින්නේ පූර්ණ බලතලවලින් යුත් උතුරු නැගෙනහිර පළාත්වලට තනි පාලන බලයකින් යුත් දේශපාලනික ව්‍යුහයකුයි.”

“කෙසේ වෙතත් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමට කටයුතු කරනවා නම් අපි ඒකටත් විරුද්ධ වෙනවා. ඉතාම ඉක්මනින් එය පැවැත්වීම සඳහා බලපෑම් කිරීමට දෙමළ ජාතික සන්ධානය පියවර ගන්නවා.”

Related posts

ඉදිරියේ දී රෝගී තත්ත්ව ව්‍යාප්ත වීම මත රට යලිත් Lockdown කරන්න වෙයි -වසංගත රෝග විද්‍යාං අංශ ප‍්‍රධානී

colombotoday

කොරෝනා මරණ ආදාහනය සඳහා ශ්‍රී ලංකාවේ කාඩ්බෝඩ් පෙට්ටි භාවිතා කිරීමට පටන් ගනී

colombotoday

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මහ පිරිසක් ගාලුමුවදොරට.. ජල ප්‍රහාරක රථ, කදුළුගෑස් සූදානම් !

colombotoday

කොටි ගුවන් හමුදාවේ නියෝජ්‍ය නායකයා නඩු නැතිවම නිදහස්

colombotoday

බලපිටිය අධිකරණය අසල දී ගුරුවරයෙකුට වෙඩි

Admin

කොරෝනා නිසා විදෙස්ගත ලාංකිකයින් 8000 කට රැකියා අහිමි වෙයි

colombotoday