Colombo Today Local News

LTTE නිසා මගේ පවුල විනාශ වූනත්, LTTE සැකකරුවන් වසර ගණනාවක් සිරකර තැබීම සදාචාරාත්මක නෑ – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

sajith

සිය පවුලත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදින් නිසා විනාශ වූ පවුලක් බවත්, ත්‍රස්තවාදයට යළි හිස එසවීමට අවස්ථාවක් නොදෙන බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. තිස්සමහාරාම මහසෙන්පුර විද්‍යාලයේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ප්‍රේමදාස පවුලත් කොටි ත්‍රස්තවාදීන් නිසා විපතට පත් වූ පවුලක්. මොනම හේතුවක් නිසාවත් කොටි ත්‍රස්තවාදයට හිතවත්ව වැඩ කරපු අයට අපේ ආශීර්වාදය නෑ. සැකකරුවෙක් වූ පමණින් වසර ගණනාවක් රිමාන්ඩ් බාරයේ තැබීම කෙතරම් දුරට සදාචාර සම්පන්ද කියා සලකා බැලිය යුතු වෙනවා. සමහරු මෙය (එල්.ටි.ටී.ඊ. සැකකරුවන් නිදහස් කිරීම) දේශපාලන පාපන්දුවක් කරගෙන තිබෙනවා. අද කොටි ත්‍රස්තවාදය අවසන්. ඊට යළි හිස එසවීම අප ඉඩ තබන්නේ නෑ” යැයි පැවැසීය.

Related posts

ජපන් වාහන මිල අඩු වන්නේ මෙහෙමයි

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ 91ක තොග අවසන් – GMOA

colombotoday

රුපියල ඉහළ යෑමෙන් පමණක්ම ආර්ථිකයේ සියලුම දේවල් විග්‍රහ කරන්න බැහැ – මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

Admin

මහනුවර යළිත් උණුසුම් – දැනුම්දෙන තුරු යළිත් ඇදිරි නීතිය

colombotoday

සංචාරක ආයතනවලට සහනයක්

colombotoday

රාජගිරියේ ගින්නක්

Admin