Colombo Today Local News

LTTE සොහොන් බිම් එළි පෙහෙළි කරයි… කොටි මහවිරු සමරුවට උතුර සූදානම්…

එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජිවිතක්ෂයට පත්වූ එහි සාමාජිකයින් සැමරීමේ මහවිරු දිනය වෙනුවෙන් කිලිනොච්චිය, කනගපුරම් ප්‍රදේශයේ පවතින මහවිරු සොහොන පිරිසිදු කිරීම ප්‍රදේශවාසීන් විසින් ඊයේ (30) සිදුකරනු ලැබීය.

මහවිරු සැමරුම් වැඩසටහන් නොවැම්බර් මාසය කේන්ද්‍ර කරගනිමින් පවත්වන අතර,මෙවර දෙමළ ජාතික සන්ධානය පවත්වන මහවිරු සැමරුම් වැඩසටහන කිලිනොච්චිය කනගපුරම් මහවිරු සොහොන ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත බව උතුරු පළාත් සභා නියෝජිතයින් පැවසූහ.

ශ්‍රමදානයක් මගින් මෙය සිදුකළ අතර එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන උතුරු පළාත් සභා හිටපු අමාත්‍ය ටී. කුරුකුලරාජා මහතා,උතුරු පළාත් සභා මන්ත්‍රී එස්.පසුපතිපිල්ලේ මහතා,කිලිනොච්චිය පච්චිලිපලෙයි ප්‍රාදේශීය සභා සභාපති එස්.සුරෙන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

පසුගිය වසරේදීද කිලිනොච්චිය කනගපුරම් කනත්ත කේන්ද්‍ර කරගනිමින් මහවිරු සැමරුම් වැඩසටහනක් පවත්වනු ලැබීණ.

සටහන සහ ඡායා – මාධව කුලසූරිය – වවුනියාව

Mhawiru1

Mhawiru2

Mhawiru4

Mhawiru5

Mhawiru6

Related posts

කොටි ඩයස්පෝරාව සහ ඇමති මංගල අතර ජිනීවාහිදී රහස් සාකච්ඡාවක්

colombotoday

අංක තහඩුවේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලැබෙන දවස් මෙන්න

colombotoday

සම්බන්ධන්, හකීම්, ගයන්ත සමග ජවිපෙ අනුර චීන සංචාරයක

colombotoday

ආපදාවට ලක්වු නෞකාවේ ඇති සියලු ඉන්ධන වර්ගවල සාම්පල ගැනීම අද

colombotoday

නීතිවිරෝධීව මෙරටට ගෙන් වූ කහ තොගයක් පුත්තලමේදී පොලිස් භාරයට

colombotoday

බුර්කාව තහනමට ආරක්ෂක මණ්ඩලයට ගෙනා යෝජනාව ජනපති සිරිසේන ප්‍රතික්ෂේප කරයි !

colombotoday