Colombo Today Local News

කොටින්ගේ රත්තරන් හොයා පොළොව හෑරූ 5ක් අත්අඩංගුවට

වවුනියාව පම්පමඩුව කැළෑ ප‍්‍රදේශයක ලෝහ ද්‍රව්‍ය සොයන ස්කෑනර් යන්ත‍්‍රයක් භාවිතා කර කොටි සංවිධානය විසින් වළ දමා ඇති රත්තරං සොයා කැණීම් සිදුකළ ව්‍යාපාරිකයකු ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගත් බව පූවරසන්කුලම පොලිසිය පවසයි.

සුඛෝපභෝගී ජීප්රථ වලින් පැමිණ පම්පමඩුව කැළෑ ප‍්‍රදේශයක ස්කෑනර් යන්ත‍්‍රයක් යොදා භූමිය කැණීම් සිදුකරන පිරිසක් පිළිබඳ මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් හා ස්කෑනර් යන්ත‍්‍රය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

කැණීම් සිදුකිරීම සඳහා සැකකරුවන් පැමිණි සුඛෝපභෝගී ජිප් රථයක් , ත‍්‍රී රෝද රථයක් හා යතුරු පැදියක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවටගත් සැකකරුවන් වත්තල, හුණුපිටිය, කොළඹ , පුත්තලම හා වවුනියාව ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

Related posts

ප්‍රථම වරට මෙරටින් හඳුනා ගත් ගව වෛරසය දිස්ත්‍රික්ක 14ක පැතිරෙයි.

colombotoday

ලංකාපුර රාජ්‍ය නිලධාරිනිය ඝාතනය සැමියා පාපොච්චාරණය කරයි

colombotoday

මැතිවරණය එපා: සමගි ජන බලවේගයත් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

රැවුල වැවීම තහනම්, මුහුණ වැසීම තහනම්.. චීනය මුස්ලිම් අන්තවාදයට බැට දෙයි

colombotoday

ඡන්දය ඉල්ලා ඒකාබද්ධය විරෝධයේ.. පොලීසියෙන් කදුළු ගෑස්, ජල ප්‍රහාර !

colombotoday

2020 පාර්ලිමේන්තුවට යන ශ්‍රිලනිප 18 කල්ලිය

colombotoday