Colombo Today Local News

කොරෝනා ආසාදිත සිසුවකු ලන්ඩන් ඕලෙවල් ලියන්න ඇවිත්. | මාමාට නිරෝධායන පනත යටතේ නඩු.

කොරෝනා ආසාදිත 14 හැවිරිදි සිසුවකු කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ලන්ඩන් ඕලෙවල් විභාගයට පෙනී සිටීම සඳහා එම දරුවා විභාග මධ්‍යස්ථානයට රැගෙන ඔහුගේ මාමාට එරෙහිව නිරෝධායන පනත යටතේ නඩු පැවැරූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

මෙම සිසුවාට මෙන්ම ඔහුගේ පියාට,මවට සහ සහෝදරියට ද කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබියදීත් මේ ආකාරයට විභාගයට පෙනී සිටිම විශාල වරදක් බව ද සෞඛ්‍ය අංශ කියයි.

මත්තේගොඩ පදිංචි මෙම දරුවා වස්කඩුව ප්‍රදේශයේ පදිංචි තම මාමා සමග යතුරු පැදියකින් විභාග මධ්‍යස්ථානයට පැමිණ ඇතැයි ද සිදු කළ පරික්ෂණවලින් තහවුරු වී ඇත.

මෙම සිසුවා විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව නිවෙසට ගොස් ඇත. මෙම සිසුවාට කොරෝනා ආසාදනය වී ඇති බවට දන්නා වෙනත් සිදුවකු ඒ සම්බන්ධයෙන් නිවෙසට ගොස් තම පියට දැනුම් දීමෙන් පසු කළ දැනුම් දීමටකට අනුව ආසාදිත දරුවා විභාගයට පෙනී සිටි බවට තහවුරු කරගෙන ඇත.

කෙසේ වුවද ඉකුත් සිකුරාද සිට මෙම විභාගය දින නියමයක් නොමැතිව නැවැත්වීමට කේම්බ්‍රිජ් ජාත්‍යාන්තර අධ්‍යාපන ආයතනය තීරණය කර තිබුණි.

Related posts

පොලිස් අධිකාරිවරුන් 5ක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට.

Admin

ගෑස් මෙට්‍රික් ටොන් 7,200 ක් ඉදිරි සතියේදී දිවයිනට..

colombotoday

හෙල්මට් නැතිව යන එක වරදක් කියල මං දන්නේ නෑ- පොහොට්ටු අපේක්ෂක සනත් නිශාන්ත කියයි

colombotoday

තවත් ඇමති පැටව් තිදෙනෙක්..! මනූෂ, තෙවරප්පෙරුම, ලක්ෂමන් ඇමතිධුරවල දිවුරයි

colombotoday

මුදල් පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මතයි

colombotoday

මුඛ ආවරණ සඳහා පනවා ඇති බදු ඉවතට

colombotoday