Colombo Today Sports News

මාලිංගට තවත් “බකට්‌” එකක්‌

ජාතික කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිව සිටින වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට දැන් ක්‍රියාත්මක අන්තර් පළාත් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියට සහභාගි වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව දන්වා සිටියි.

ඉදිරියේදී ජාතික කණ්‌ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඔහු මෙම තරගාවලිය නියෝජනය කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.

ජාතික කණ්‌ඩායමේ තේරීම් වලට පළාත් තරගාවලිය ප්‍රධාන සාධකයක්‌ වන අතර ඒ සඳහා මාලිංග දඹුල්ල කණ්‌ඩායමට නම් කර ඇත.

නමුත් මාලිංග මේ වන විට අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස්‌ කණ්‌ඩායමේ වේග පන්දු උපදේශකවරයකු ලෙස කටයුතු කරන අතර ඔහු ඊයේ පැවැති තරගවලට සහභාගි නොවුණි. තරගාවලිය තවත් සති දෙකක්‌ පමණ පැවැත්වෙන අතර ඊට පෙර මාලිංගට පළාත් තරගාවලිය නියෝජනය කිරීම අනිවාර්ය වී තිබේ.

Related posts

ශ්‍රී ලංකාවට කාසියේ වාසිය

Admin

පළමු T20 තරගයෙන් එංගලන්තයට කඩුලු 08ක ජයක්

colombotoday

අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයෙන් සනත් ජයසූරියට චෝදනා

colombotoday

දික්වැල්ල සහ ධනංජය ද සිල්වා 20-20 සංචිතයට කැඳවයි 

colombotoday

දඹුල්ලට අදත් ජන ගඟක්

Admin

කාලිංගට ඉන්දියාවේදී රන් පදක්කමක්

colombotoday