Colombo Today Local NewsTop Stories

රුපියල් මිලියන 150ක රබර් බුෂ් වංචාවක්? විගණනෙන් හෙළිවූ අන්දම

ලංකා පොස්පේට් සමාගමේ විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත්තේ රුපියල් 150 ලක්ෂයකට අධික මූල්‍ය අපරාධයක් සිදු කර ඇති බවයි.

රබර් බුෂ් රුපියල් 350 බැගින් දේශීයව ලබා ගත හැකිව තිබියදී, රුපියල් 79,082 බැගින් අතිශය ඉහළ මිලකට ආනයනය කර ඇති බව වාර්තාවේ සඳහන් වේ.

මෙම ගණුදෙනුව මගින් රුපියල් 15,746,482ක අලාභයක් සිදු වී ඇති අතර, ගෙන්වා තිබූ බුෂ් තොගයක් භාවිතා නොකර විනාශ වී ඇති බව ද විගණන වාර්තාවේ දැක්වේ.

මෙම වංචාව සම්බන්ධයෙන් වගකියන්නන් සොයා ආයතනික මට්ටමින් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Related posts

16 කණ්ඩායම ගැන බැසිල්ගේ තීරණය…

colombotoday

රෝසිගේ නිල නිවසේ වැසිකිළිය රෙපෙයාර් කරන්න කෝටි බාගයක් (ලක්ෂ 57ක්) වෙන් කෙරේ

colombotoday

මත්පැන් ජාවාරම්කරුවෙකුගෙන් අල්ලස් ගත් පොලිස් නිලධාරීන් තිදෙනෙක්ගේ වැඩ තහනම්

colombotoday

රවීට නඩු වැටෙයි ?

colombotoday

හිටපු ජනපති ගෝඨාභය අනිද්දා දිවයිනට

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ට කොවිඩ්

colombotoday