15 හැවිරිදි දැරිය ගේ දැන්වීම් පලකල තවත් වෙබ් අඩවියක දෙකක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද සඳහන් කර සිටියා.
මීට පෙර lanka-ads.com වෙබ් අඩවියේ හිමිකරු සහ මුල්‍ය කළමනාකරු අත්අඩංගුවට ගත් අතර ඊයේ දින lanka-adz.com වෙබ් අඩවිය පවත්වාගෙන ගිය දෙදෙනෙකු අත්අඩංගුවට පත්විය. තවත් වෙබ් අඩවි 3 ක් සොයා විමර්ශන කරන බවයි අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 32 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතුරින් මෙම දැරිය අන්තර්ජාලය හරහා මිලටගත් 22 ක් සිටියි. තවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතියි.