Colombo Today Local News

කොවිෂීල් එන්නත් මාත්‍රා දෙකම ගත් කුරුණෑගල පිරිසකට කෙරෝනා

කුරුණෑගල මහ නගර සභා බළ ප්‍රදේශය ආශ්‍රිතව ⁣ඊයේ (18) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් පිරිස අතරේ කොරෝනා මර්ධන එන්නත ලබා ගත් පුද්ගලයන් කීප දෙනකුම සිටින බව මේවනවිට අනාවරණය වී තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ අත්‍යාවශ්‍ය සේවා සඳහා යොදවා සිටින රාජ්‍ය සේවකයින් හට ලබා දුන් ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් කුරුණෑගල මහ නගර සභාවේ සේවය කරන රියැදුරකුටද කොරෝනා වයිරසය ආසාදනය වී තිබීමය.

⁣ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් පිරිිි⁣සෙන් බහුතරයක්ම ඉලුප්පුගෙදර ග්‍රාම නිලධාරි වසමට අයත් විල්ගොඩ ප්‍රදේශයේ පදිංචි කුරුණෑගල මහ නගර සභාවේ සේවය කරන කම්කරු සේවකයින්ය.

කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව මෙම කම්කරු සේවකයින් ඇතුළු කුරුණෑගල මහ නගර සභා බළ ප්‍රදේශයේ පදිංචි ජනතාවගෙන් සීයට අනූවකටත් වඩා වැඩි පිරිසකට මේවනවිට ලබාදී ඇති බවද වාර්තා වී ඇති ආසාදිතයින් අතරේ එම එන්නත ලබාගත් කොපමණ පිරිසක් සිටිනවාදැයි සොයා බලමින් සිටින බවද කුරුණෑගල සෞඛ්‍ය අංශයේ උසස් නිලධාරිිි⁣යෙකු ප්‍රකාශ කළේය.

Related posts

අපි ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් හදා එව්වා – ඇමරිකාව කියයි

colombotoday

පූටින් සිවුවෙනිවරටත් ජනපති වෙද්දී, රුසියානු තානාපති ගෙදරටම ඇවිත් මහින්ද හමුවේ !

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමි යළිත් රිමාන්ඩ්

Admin

රටේ අර්ථිකයෙන් භාගයක් විකුණලා

Admin

නවක වදයට විසදුම් සොයමින් පේරාදෙණිය සරසවියෙන් නායකත්ව පුහුණු පාඨමාලා ඇරඹෙයි…

colombotoday

හෙට (29/සඳුදා) යලිත් මහවැසි!

colombotoday